1150 x 80 px

 

ප්‍රධාන පක්ෂ දෙකේ අර්බුද විසදන්න පක්ෂ දෙකේ නායකයන් කටයුතු කරනවා - දිලිප් වෙදආරච්චි
ඇමතිතුමා ඉදිරියේ දී එළැඹෙන පළාත් පාලන මැතිවරණයට තියෙන සූදානම කොහොමද ?
අපි එක්සත් ජාතික පක්ෂය හැටියට පක්ෂයෙ ආසන සංවිධායකවරුන් හැටියට ආසනයේ ප්‍රාදේශීය සභාව කොට්ඨාශ හතරට සහ නගර සභා තුනට ජයග්‍රහණය කරන්න පුළුවන් ප්‍රශ්නය වැදගත් පිරිසිදු අපේක්ෂක කණ්ඩායම් නම් කරමින් පවතිනවා. මගේ ආසනය සියළු අපේක්ෂකයින් පත් කරගෙන ඉදිරියේදී ඔවුන් කැඳවා ැතිවරණ ව්‍යාපාරය කරන්න ඔවුනට උපදෙස් ලබා දෙන්න කටයුතු කරමින් පවතිනවා.
 
හැබැයි මෙවර පලාත් පාලනමැතිවරණය ආණ්ඩුවට විශාල අභියෝගයක් වෙනවා නේද ?
 
මිනිස්සු කියන්නේ මේ ආණ්ඩුව ඇඟට දැනෙන දෙයක් කළේ නැහැ කියලයි. ආණ්ඩුව දැනෙන දේවල් මොනතරම් කරලා තියෙනවා. හැබැයි තව සමහරු දැනුනට නොදැනුනා වගේ බලන් ඉන්නවා. ඒකාබද්ධ විපක්ෂයේ අය රටේ ජනතාව නොමග හරිනවා. මහා සංඝරත්නයට කියලා එක එක මත ප්‍රකාශ කරවලා කරලා මේ රජය අපරාජිත තත්ත්වයට ගේන්න කටයුතු කරන්නේ එකාබද්ධ විපක්ෂය. ජනාධිපති ගේ ඉඳලා ඔවුන්ගේ බලය ගිලිහුන හම ඒක ඒ අයට දරාගෙන ඉන්න බැහැ.  ඇඟ ඇතුල පේනවා.
 
මහින්ද අමරවීර සමඟ තිබුණු ප්‍රශ්නය ඉවර වෙලා ද ?
 
ඒවා ප්‍රශ්න තමයි ඉවරයක් නැහැ. ඒ වුනාට අපේ වැඩ කටයුතු ටික අපි කරගෙන යනවා
 
ඔබෙන් මතුවුණේ පක්ෂ දෙක අභ්‍යන්තරයේ තියෙන අර්බුදය නේද ?
 
අභ්‍යන්තරයෙ අර්බුද තියෙනවා.  රටේ මරාගත්ත ප්‍රධාන පක්ෂ දෙකක් අපේ නායකයන් දෙපළ විසින් එකතු කරපු එකත් ලොකු දෙයක්නෙ. එහෙම එකතු කරලා රටට අවශ්‍ය ව්‍යවස්ථාවක් හදන්න. නීති සම්පාදනය කරන්නා ජාතික පොලිස් කොමිෂම, මැතිවරණ කොමිසම වැනි ස්වාධීන ආයතනයක් බිහි කරන්න අති විශාල වැඩ කොටසක් අපේ නායක දෙන්න කරනවා. හැබැයි පක්ෂ වල  තියෙන චෝදනාවක් තමයි ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ අය සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්න වලදි ඒවා විසඳන්න ප්‍රධාන පක්ෂ දෙකේ නායකයෝ මැදිහත් වෙන්නේ නැහැයි කියන එක...
 
එහි යම් ප්‍රමාණයකට ඇත්තක් තියෙනවා. සමහර ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු කරනකොට ඒවාට මැදිහත් වෙන්න නායකයින්ට කාල වේලාවක් නැහැ. ඔවුන් උපදෙස් දෙනවා මෙහෙම කරන්න කියලා නමුත් රාජ්‍ය බලය වැඩි අයිතිය තියෙන පුද්ගලයා තවත් කෙනෙකුට ඒ අයිතිය දෙන්න කැමති නැති නායකයොත් එක්ක තමයි වැඩ කරන්න වෙලා තියෙන්නෙ.
 
ඔබතුමා ඒ චෝදනාව කළේ කවුරු ගැනද ?
 
මම කාටවත් චෝදනා කරන්නේ නැහැ. රටේ මැති ඇමතිවරු තමන්ට බලයක් ලැබුනහම ගේ බලය බෙදා හදා ගෙන කටයුතු කරන්නේ නැති අය මේ රටේ ඉන්නවා. අන්න ඒ නිසා තමයි මේ යහපාලන ආණ්ඩුවේ පක්ෂ දෙකේ අයට අර්බුද වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කෙනාත් මමත් මෙ ආණ්පිඩුව පිහිටුවන්න කටයුතු කළා නම්ආණ්ඩුව ගමනක් යනවනම් යහපාලන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා නම් ඒ අයත් නම්‍යශීලී වෙන්න ඕනේ. කැබිනට් ඇමතිවරු උනහම නම්‍යශීලී වෙන්න ඕනේ.
 
නමුත් ඉතින් එවැනි ඇමතවරුන්ට තවත් බලතල වැඩිපුර දෙන්නේ යහපාලන ආණ්ඩුවමනෙ....
 
ඔව් ඉතින් එහෙම තමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලතල දෙන්න මිනිස්සු නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා තෙක්ක තමයි සඳහන් එම ඉන්නේ. ඒ කණ්ඩායම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පැත්තට ගන්න කටයුතු කෙරෙනවා. යම් යම් නායකයින්ගේ වැඩ පිළිවෙලවල් නිසා ඒ අයව ගන්න බලතල දෙන්න සමහරු කැමති බැහැ.
 
පක්ෂය ඔබතුමන්ලාට සලකන්නේ නැහැ නේද ?
 
පක්ෂය අපිට නැත්නම් කාටද සලකන්නේ. පක්ෂයේ අපිට තමයි සලකන්නේ. අපිට සලකනවා හොදටම ඇති. අපි එක්සත් ජාතික පක්ෂය රකින ආරක්ෂා කරන පුත්රයෝ. අපි කවදාවත් එක පක්ෂය පාවලා දුන්නේ නැහැ. අවුරුදු විසිදෙකක් විපක්ෂය හිටියා. එකාබද්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ උන්නැහේ ගේ සල්ලි වලට වහල් වෙලා පක්ෂය පාවලා දුන්නේ නැහැ. පක්ෂයේ නායකයා අපේ දෙයියා. අපට සලකනවා.
 
ඔබ දැවැන්ත විදියට ගහ සහය දුන්න නායකයෙක් තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ. ඔබ දෙදෙනා අතර සම්බන්ධය කොහොමද ?
 
එතුමාගේ මගේ සම්බන්ධය කාටවත් කඩන්න බෑ. අපි දෙන්නා සහ සහෝදරයෝ වගේ අමුඩෙයි ...යි වගේ සහයෝගයෙන් අපි දෙන්නා යනවා. කාටවත් ඒක වෙනස් කරන්න බැහැ.
 
සජිත් ප්‍රේමදාස මහත්තයා අපේ පක්ෂයේ නියෝජ්‍ය නායකයා දිස්ත්‍රික්කයේ නායකයා හැටියට එතුමාව රැකගෙන ආපු ජනතා පුත්‍රයෙක් හැටියට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළමු තැන මට තියෙනවා. ඒක කාටවත් වළක්වන්න බැහැ. කාටවත් ඒක නැහැයි කියන්නත් බැහැ බොරුයි කියන්නත් බැහැ. එතුමාගේ ජීවිතය ආරක්ෂා කරගෙන රාජපක්ෂලාගෙන් බේරගෙන හොඳ ගමනක් යන්න නායකත්වයට ගෙනියන්න අපි කටයුතු කරනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ නායකයා හැටියට ඉන්නවා. එතුමාගෙන් පස්සේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එම නායකත්වයට ගෙනියන්න අපි කටයුතු කරනවා.
 
හැබැයි ඔබතුමාගේ ප්‍රශ්න මතු වූ අවස්ථාවේ එතුමා ඔබව ආරක්ෂා කළේ නැහැ නේද ?
 
එතුමාට මගේ පක්ෂ ප්‍රශ්ණ වලට පෙනී හිටින්න තියා එතුමාගේ ප්‍රශ්න වලටත් පෙනී ඉන්න බැරි වුන අවස්ථා තියෙන්නේ.
 
අගුණුකොළපැලැස්ස බන්ධනාගාර සම්බන්ධයෙන් ඔබතුමා චෝදනාවක් කළා. දැන් ඒ ප්‍රශ්නය අවසන් ද ?
 
බන්ධනාගාරය ප්‍රශ්න බලධාරීන් විසින් අවසන් කළා. කැබිනට් එකේ ඒ පිළිබඳව අදහස් දක්වන්න මට අවස්ථාවක් නැති නිසා ප්‍රශ්නය  එතනින් එහාට ගෙනියන්න බැරි වුණා. හැබැයි මගේ විරෝධය තියෙනවා.
 
අශන්ති වරුණසුරිය

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top