1150 x 80 px

 

දෙවියන් වහන්සේගේ දැති රෝදය වගේ මගේ දැති රෝදෙත් හොඳට ඇඹරෙනවා - මැ.කෝ

පුංචි ජන්දය පැවැත්වෙන දිනය ආසන්න වෙන්න වෙන්න මැතිවරණ උණුසුම වැඩිවෙමින් තිබෙනවා. මැතිවරණ ක්‍රමය වෙනස් වීමත් සමඟ පෙර පැවති මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හා ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම සාපේක්ෂව අඩු ප්‍රමාණයක් බව තමයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ. දේශපාලනිකව එය අත්පත් කරගත් දියුණුවක්. කොහොම නමුත් මේ පුංචි ඡන්දය ගමට විතරක් නෙවෙයි රටේ අනාගතයම තීරණය කරන දර්ශකයක් කියන තැනටම අද පත්වෙලා හමාරයි. ඉතිං ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ සියල්ලම මේ ගංඟාවෙන් එතෙර වෙන්න ජනතා සහාය පතමින් ඉන්න මොහොතක්. අවසන් තීන්දුව ජනතාව සතුයි. එය ඔවුන් එළඹෙන 10 වැනි දින සිය මනාපයෙන් තීරණය කරාවි. මේ මැතිවරණය සම්බන්ධයෙන් කතා කිරීමට බොහෝ දෑ තිබෙනවා. රටේ සිදුව ඇති දේශපාලනික වෙනස් වීම් සමඟ නව මැතිවරණ ක්‍රමයේ අත්දැකීම ජනතාව කෙසේ භාර ගෙන ඇතිද? දියුණු දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් එය කෙසේ යොදා ගනු ඇතිද? මේ සියල්ල අද අප හමුවේ විවෘතව පවතිනවා.


මෙකී සියලු කාරණා හමුවේ මේ මොහොතේ තීරණාත්මක චරිතය බවට පත්ව හිදින්නේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා. මැතිවරණ ඉතිහාසයේ ඔහු තැබූ සළකුණ රට විශ්මයට පත්කර හමාරයි. එදා වගේම අදත් ඔහුගේ ක්‍රියා පටිපාටිය නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන්. පුංචි වුණාත් රටේ දේශපාලන හැසිරීම් නිසාම මහ විශාල වී ඇති පුංචි ජන්දය ගැන කතා කරන්න අපිත් ඔහුට සම්මුඛ වුණා.

මුලික වශයෙන් මෙම මැතිවරණයේ ස්වභාවය හා සභිකයන් තෝරා ගැනීම සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව දේශප්‍රිය මහතා මෙලෙස අදහස් දැක්වූවා.



පූර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතු කියන්නේ මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ නියෝජිතයන්ට මෙන්ම ස්වාධීන අපේක්ෂකයන්ටද ඉතා වැදගත් කාරණයක්. එය ජනතා පරමාධිපත්‍යයට කරන බලපෑම සුළු නැහැ. ඒ නිසාම තමයි එකිනෙකාට නොදෙවෙනිව ප්‍රචාරක කටයුතු කිරීමට සියලු දෙනා මැදිහත් වන්නේ. අද දවස වන විට ගොඩ නැගී ඇති දේශපාලන පරිසරය තුළ ඇතැම් ඉදිරි පෙළ නායකයන් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නියැලීම ප්‍රශ්න සහගත වී තිබෙනවා. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෙනෙන්නටම තිබෙන කාරණයක්. හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිප සාමාජිකයෙක් වුවත් අද ඔහු රැඳී සිටින්නේ පොහොට්ටුවේ නැත්නම් පොදු ජන පෙරමුණ වේදිකාවේ. මෙය දේශපාලන බලයේ නාමයෙන් මැතිවරණ නීතියට පිටින් යාමක්ද? දේශප්‍රිය මහතා ඊට පිළිවදන් දෙන්නේ මෙපරිද්දෙන්.


දේශපාලනය තුළ කාන්තා නියෝජනය සක්‍රීය කිරීම වෙනුවෙන් අද නීතියෙන්ම ප්‍රතිපාදන වෙන් වී තිබෙනවා. මෙම කාරණයේදීත් ආරම්භයේ පටන්ම විවිධ මතවාද පැවතුණා. ඇතැම් විට එය පුරුෂ නියෝජනයට අසාධාරණයක් වන බවටද කතා බහක් වූවා. නමුත් ජනගහණයට සාපේක්ෂව කාන්තාවට දේශපාලනය තුළ සක්‍රීය වීමට අවස්ථාව හිමි වූයේ අල්ප වශයෙන්. එහෙත් අද එය වෙනසකට ලක්ව 25%ක අනිවාර්ය කාන්තා නියෝජනයක් අත්‍යාවශ්‍යව පවතිනවා. ඉතිං, ඇය ගමේ සභාවට තේරී පත්වෙන්නේ මෙන්න මේ විදිහට.


මැතිවරණය අවසානයේ තීරණාත්මක සාධකය වන්නේ එහි ප්‍රතිපලයයි. මෙවර ජන්ද ගණන් කිරීම ජන්ද පොළේදීම සිදුවන අතර දිනුම පැරදුමත් ඒ මොහොතේම ප්‍රකාශ වනු ඇති. සෑම ජන්ද කොට්ඨාසයේම ප්‍රතිඵල වෙන වෙනම ප්‍රකාශ වන හෙයින් විනිවිදභාවය ගැන කිසිදු ගැටළුවක් නැහැ.


මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීමට මැතිවරණ කොමිසම පුළුල් වපසරියක් සකස් කර තිබෙනවා.පොලීසිය, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මෙන්ම මැතිවරණ මහ ලේකම් කාර්යාලයද ඊට විවෘතයි. එහි විශේෂ මැතිවරණ පැමිණිලි කාර්යාංශයක් ක්‍රියාත්මකයි. දුරකථන , විද්‍යුත් තැපෑල මෙන්ම අද ජනප්‍රිය මාධ්‍යයක්ව පවතින මුහුණු පොතත් ඊට විවෘතයි. පැමිණිලි පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් අත්‍යාවශ්‍ය වූවක්.


විශේෂයෙන්ම මැතිවරණ සමයේ සිදුවන සංවර්ධන ව්‍යාපෘති, සහනාධාර ලෙස භාණ්ඩ බෙදා හැරීම් ආදී කටයුතු නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් වන බාධාවන්. නමුත් එම කාරණය මත රටේ සංවර්ධන කටයුතු අඩාල කිරීමේ හැකියාවක්ද නැහැ. නමුත් එය මැතිවරණයේ ප්‍රචාරක කටයුත්තක් කර නොගැනීමට අදාළ නීති සම්පාදන වී තිබෙනවා. ඊට හිස නැමීම දේශපාලන පක්ෂ වල වගකීමක්. එසේ නොවන්නේ යම් තැනකද ඊට එරෙහිව මැතිවරණ කොමිසම නිශ්චිත ලෙස ක්‍රියාමාර්ග ගනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ / නිශාන්ත ප්‍රියදර්ශන

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top