Untitled 1

දේශපාලන පක්ෂවල කාන්තා කාඩරයක් නැහැ - මහින්ද දේශප්‍රිය

ක්‍රියාකාරී දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ දැමීම සඳහා වන සාකච්ජාවක් මේ වන විටත් මෙරට දේශපාලන සමාජයේ නිර්මාණය වී තිබේ.ජනගහන අනුපාතයට අනුව පිරිමි පුද්ගලයන් අභිබවා කාන්තාවන්ගේ ප්‍රමාණය ඉහළ අගයක පැවතියද ක්‍රියාකාරී දේශපාලනය තුළ කාන්තාවගේ ප්‍රගමනය  සැලකිය යුතු මට්ටමක නොවෙයි.නමුත් කාන්තාවටද එම හිමිකම නැතුවා නොවෙයි.අධ්‍යාපනික හා වෘත්තීය මට්ටමෙන් ඉතා වේගවත් ගමනක් අත්පත් කරගෙන සිටින කාන්තාව දේශපාලනය තුළද ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි.විවිධ භෞතිකමය හා මනෝ මූල කාරනා පදනම් කරගනිමින් කාන්තාව විසින්ම මෙම අවස්ථාව අහිමි කර ගෙන තිබීමද සිහිපත් කරගත යුතුය.පවුල් පරිසරය තුළින් ගොඩනැගෙන දේශපාලන සම්බදතාවන්ට වඩා මෙහිදී වැදගත් වනුයේ බිම් මට්ටමේ සිට ක්‍රියාකාරී දේශපාලනයක නිරතවී ජාතික දේශපාලනයට පැමිණීමයි. කාන්තා දේශපාලන නියෝජනය ඉහළ දැමීමේදී අවධානය යොමු කරගත යුතු වැදගත්ම කරාණාවද එයයි.

නව මැතිවරණ ක්‍රමය මගින් කාන්තා නියෝජන අනිවාර්ය කිරීමටද මැදිහත්වී තිබීම පැසසිය යුත්තකි. ඒ සඳහා මැතිවරණ කොමිසම පසුගිය කාලයේ  දේශපාලන පක්ෂ නියෝජිතයන්  සමඟ සාකච්ජා කරමින් සක්‍රීය දයකත්වක් ලබාදීමටද කටයුතු කළේය.මේ වනවිට මැතිවරණ කොමිසමේ ඉදිරිපෙළ අරමුණක් වන්නේද දේශපාලනය තුළ කාන්තා නියෝජනය වැඩි කරගන්නේ කෙසේද යන්න පිලිබඳ විමසීමයි.මේ පිලිබඳ අදහස් දක්වන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ බිම් මට්ටමේ සිට කාන්තාවන් දේශපාලනයේ නියැලීම සඳහා දේශපාලන පක්ෂ තුළද වැඩපිළිවෙලක් තිබිය යුතු බවයි.




දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ දැමීම සඳහා ප්‍රථමයෙන් සමාජය තුළ සංවාදයක් ගොඩනැගිය යුතු බව මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙයි.එමෙන්ම ලෝක දේශපාලනය තුළ කාන්තා භූමිකාවේ හැසිරීම පිලිබඳ මනා අවබෝධයක් ලබාගතයුතු බව දේශප්‍රිය මහතා අවධාරණය කරයි.ප්‍රතිපත්තිමය කාරණාවක් ලෙස සලකා මේ සඳහා මැදිහත් වියයුතු බවත් ඊට කාන්තාවන්ගේද සක්‍රීය දායකත්වය අත්‍යාවශ්‍ය බවත්  හෙතෙම සඳහන් කරයි.

 ආශිකා බ්‍රාහ්මණ
නිශාන්ත ප්‍රියදර්ශන

පෙර සටහන්

පුංචි ජන්දෙට මොකද වුණේ ? - මහින්ද දේශප්‍රිය කතා කරයි!

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top