Untitled 1

දණ ගැස්වූ ආර්ථිකය හරි ගැස්වූ අපි තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදයත් ජනතාවට ලබා දුන්නා - රවී කරුණානායක
වාර්තා වන පරිදි යෝජිත කැබිනට් සංශෝධනයෙන් මුදල් අමාත්‍යධූරයේ වෙනසක් වීමට නියමිතය.පසුගිය සති කිහිපය පුරාම මේ පිළිබඳව සාකච්ජාවට ගැණුනි.විවිධ මතවාදයන් මැද හතර අතට දෝලනය වෙමින් ඇති මේ කැබිනට් සංශෝධනය පිළිබඳ සාකච්ජාව එක අතකින් මේ රටේ සැබෑ දේශපාලනය පෙන්නුම් කරන්නකි.
කෙසේ වෙතත් අද දවස වන විට මුදල් අමාත්‍යාංශය යම් අභියෝගාත්මක සංධිස්ථානයක සිටියි.රජපක්ෂ පාලනයෙන් රනිල් - මෛත්‍රී පාලනයට විතැන් වන විටත් මුදල් අමාත්‍යාංශය රැඳී සිටියේ අභියෝගාත්මක තැනකය.රනිල් - මෛත්‍රී පාලනය ආරම්භයේ පටන්ම පැවසුවේ රාජපක්ෂ පාලනය විසින් හිස් කරන ලද භාණ්ඩාගාරයක් ඔවුන් අතට පත් කර ඇති වගයි.මෙකී නොයෙක් කතන්දර මැද 2015 ජනවාරි 08 වැනිදායින් පසු මේ මොහොත දක්වාම රනිල් - මෛත්‍රී පාලනය පැමිණ හිඳියි.එහෙත් අර්බුදයන්හි නිමාවක් නැත. වසර දෙකක ගත වීමට මත්තෙන්ම   කැබිනට් සංශෝධනයකට පාර කැපී තිබේ.එහි කතා නායකයා වීමට මුදල් අමාත්‍යාංශයට සිදුව තිබේ.නමුත් ගෙවුණු කාලපාරාසය තුළ මුදල් අමාත්‍යවරයා පැවසුවේ කඩා වැටී තිබූ රටේ ආර්ථිකය ගොඩනැගූ බවකි.
 
එහෙත් ඇගිල්ල දිගුව ඇත්තේද එදෙසටය.සැබෑ ලෙසම සිදු වූයේ කුමක්ද?සිදු වන්නේ කුමක්ද? අපි මේ ගැන විෂය භාර අමාත්‍යවරයා සමඟම කතා කිරීමට තීරණය කළෙමු.
 
2015 ජනවාරි 08 වැනිදා වන විට කඩා වැටී තිබූ ආර්ථිකයට පණ දෙමින් පොරොන්දු ප්‍රකාරව කටයුතු කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කරයි.
 
 
ආර්ථිකය ගොඩ නැගූ බවට විෂය භාර අමාත්‍යවරයා දිගින් දිගටම පැවසුවත් නිරන්තරයෙන් ඔහු චෝදනාවට ලක් වූයේ රට තව තවත් ණය කර ඇති බවටය.ලෝක බැංකුවේ,ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අවශ්‍යතාව අනුව ක්‍රියා  කිරීමට රවී කරුණානායක මහතා මැදිහත්වී ඇති බවට ප්‍රති විරුද්ධ පාර්ශවයන් අඛණ්ඩව අවධාරණය කළේය.එහෙත් අමාත්‍යවරයා පවසන්නේ සමස්ත ආර්ථිකයම ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට ජාත්‍යන්තරය සහය දුන් බවයි.
 
 
ඇතැමුන් පදනම් විරහිතව චෝදනා කළද රාජපක්ෂ පාලනය විසින් වත්මන් ආණ්ඩුවට රට භාර දෙන විට ආර්ථිකය ගිල ගෙන සිටි සැබෑ තත්ත්වය බොහෝ දෙනා නොදන්නා බව හෙතෙම පෙන්වා දෙන්නේය.
 
 
කෙසේ වෙතත් සංවර්ධනයට ප්‍රථම දැන් දේශපාලන කුහකත්වය පරාජය කළ යුතුව ඇතැයි කරුණානායක මහතා අවධාරණය කළේය.
 
 
ආණ්ඩුවක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීම දුර්වල කමක් නොවන අතර දිගින් දිගටම බාධා ඇතිකිරීම තුළ ඇති සැබෑ දේශපාලනා අරමුණ වටහා ගත යුතු බව පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ආණ්ඩුව තුළ සිටින රෑ දනියෙල් දවල් මිගෙල් පිරිස් හෙළිදරව් කර ගත යුතු බවයි.
 
 
ආශිකා බ්‍රාහ්මණ /නිශාන්ත ප්‍රියදර්ශන 
 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top