25 April 2015
RSS Facebook Twitter   

‘ලංකාදීප' පුවත්පත පච වපුරයි!

ජාතික පුවත්පතක් වන ඉරිදා ලංකාදීප පුවත්පත අද(13) සිය පුවත්පතේ මුල් පුවත ලෙස පොල් ගෙඩි අකුරින් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ගැන පුවතක් පල කර තිබේ. එනම් එහි කියවෙන්නේ ‘බදාදා ශිරානි ඉවතට, සිකුරාදා නව අගවිනිසුරුවරු පුටුවට’යන සිරස් තලය යටතේ අතේ පත්තු වෙන දැවැන්ත මිත්‍යාවක් මගින් සිය පාඨකයා නොමඟ යවමින් රෙජීමයාධිපතිවරයා ඇතුළු පාලක පන්තියේ උවමනාවට නිරුවතින් හැසිරෙන අයුරක් දක්නට ලැබේ.

එම පුවතේ කියවෙන්නේ අගවිනිසුරුවරියගෙ නීතිඥයන් මාස 3 ක කාලයක් ඉල්ලා ඇති බවත් ඉන් පසු ඇය ඉවත් වන බවත් ය. නමුත් ඉරිදා පුවත්පත වුවත් එය ඊට කලින් මුද්‍රණයෙන් පිටවන බැවින් ඒ ගැන අගවිනිසුරුවරියගේ නීතිඥයන් පුවත්පතේ කතුවරයා වෙත යොමු කර ඇති ලිපිය පහතින් පලවේ. සාමාන්‍ය ජනතාව අන්තර්ජාල ප්‍රවෘත්ති නොබලන අතර ජාතික නාලිකා හා ජාතික පුවත්පත් මගින් පල කරන ප්‍රවෘත්ති මත තමන්ගේ තීන්දු තීරණ ගන්නා පිරිසකි. එවන් ජාතික පුවත්පත් මාධ්‍ය කරුවන්ටත් එම පුවත්පත් බලා තීන්දු ගන්නා පාඨකයන්ටත් ‘මහින්ද රාජපක්ෂගේ ම පිහිට’ හැර වෙන කිසිවක් නැත.

ඉතිරිය මෙතැනින් බලන්න

 

 

නවතම පුවත්