24 November 2014
RSS Facebook Twitter   

කළු සල්ලි සුදු කිරීමට හිරු හා දෙරණ නාලිකා යොදා ගෙන

‘කුඩු දුමින්ද’ මන්තී‍්‍රවරයාගේ සොයුරු රේනෝද සිල්වාට අයත් ABC මාධ්‍ය ජාලයත්, ‘මනිලොන්ඩරින් ජයවීර’ නොහොත් දිලිප් ජයවීර මහතාට අයත් දෙරණ නාලිකාවත් පවත්වාගෙන යනු ලබන්නේ කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපෘතීන් ලෙස බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.

‘මනිලොන්ඩරින් ජයවීර’ මහතා, ට‍්‍රයි ඇඞ් ආයතනයේ සම කළමණාකාර අධ්‍යක්‍ෂවරයා වන අතරම, දෙරණ නාලිකාවේ ප‍්‍රධාන කොටස් හිමියා වේ. එහෙත් ඔහු මේ වනවිට කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇති මුදල රුපියල් බිලියන ගණනකි.

‘කුඩු දුමින්ද’ මන්තී‍්‍රවරයාගේ සොයුරු රේනෝද සිල්වා මහතා ABC මාධ්‍ය ආයතනයේ දැන්වීමක් මත සම්මුඛ පරීක්‍ෂණයකට පැමිණ එම ආයතනයට බැඳුනු සේවකයෙකු වන අතර, ඔහු මේ වනවිට එම ආයතනය මුළුමනින්ම මිලදී ගෙන ඇති අතරම, කොළඹ කොටස් වෙළෙඳ පොළ හා ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රය තුළ රුපියල් බිලියන ගණනක මුදලක් ආයෝජනය කර තිබේ.

මාධ්‍ය ආයතන හෝ දැන්වීම් ආයතන පවත්වාගෙන යන ආසියාවේ වෙනත් කිසිදු ව්‍යාපාරිකයෙකු ඉතා කෙටි කලක් තුළදී මෙතරම් ධනස්කන්දයක් උපයාගෙන නොමැති අතර, ඒ පිළිබඳව කිසිවෙකු ප‍්‍රසිද්ධියේ ප‍්‍රශ්න නොකරන්නේ මොවුන් දෙදෙනාම ආරක්‍ෂක ලේකම්වරයාගේ ව්‍යාපාරික ජාවාරම්කරුවන් වන බැවිනි.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් යුද්ධයේ මුවාවෙන් උපයා ගත් බිලියන ගණනක කොමිස් මුදල්ද ආයෝජනය කර ඇත්තේ මොවුන් දෙදෙනා හරහාය. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හා සංඛ්‍යා ලේඛණ ඉදිරියේදී බලාපොරොත්තුවන්න.

 

 

නවතම පුවත්

LankaViewslankaturthlankadaily-newJDSharaya logomirror girl2

indmirror artpathuvikalpa 150


Samabimapapa13anaTN2boondi