1150 x 80 px

 

පුත්තලමේ පොල් ඵලදාවට මයිටාගෙන් හානි

පුත්තලම තබ්බෝව ගොවි ජනපදයේ ගම්මානවල වගා කොට ඇති අක්කර 200ට ආසන්න පොල් ඉඩම් ප්‍රමණයක් මයිටා රෝගයෙන් නිසා හානියට පත්ව තිබේ‍ෙ.

 

උවදුරින් පීඩාවට පත් ගම්මාන අතර තේවනුවර, ප්‍රදීපාගම, ඇතුළු තවත් ගම්මාන රැසක් වෙයි. මෙම ප්‍රදේශවල බොහෝ ගොවීන් වී ගොවිතැනට නොදෙවෙනිව පොල් වගාව සිදුකරන අතර පසුගිය වර්ෂවලදී පොල් ඵලදාවෙන් ඔවුන්ගේ ආර්ථිකය හොඳ තත්වයක පැවතී තිබේ.

නමුත් මේ වසරේ මූලාරම්භයේ සිට සිය පොල් වගාව නොසිතූ අයුරින් මයිටා ආක්‍රමණය කිරීමෙන් ඵලදාව සීඝ්‍රයෙන් පහළ වැටී ඇත. පසුගිය වසරවලදී එක් පොල් මුරයක් සඳහා පොල් ඵලදාවෙන් ගෙඩි 3000ක් පමණ ලබා ගත්තද, මෙම වසරේදී එක් පොල් මුරයකදී ගෙඩි 1000ක්වත් ලබා ගැනීම නොහැකි බව ගොවියෝ පවසති.

පොල් ගෙඩිය හට ගැනීමට සති කිහිපයකට කලින් හට ගැනෙන කුරුම්බා ඇට්ටිවල මුළින්ම සිහින් කුඩා ඉරි කිහිපයක් දක්නට ලැබෙන බවත්, එය තවත් සති කිහිපයක් ඇතුළත ඉතා ඝනකම්ව වැඩුණු ඉරි බවට පත්වීමත් මයිටා රෝගයේ මූලික ලක්ෂණ බව ගොවීන් පවසයි. මේ ඉරි, පොල් ගෙඩියේ වර්ධනය දක්වා තුඩු දෙන ගැටලුවක්ව තිබේ. මේ හේතුව නිසා පොල් ගෙඩියේ වර්ධනය ඉතා සීඝ්‍රයෙන් පහළ වැටීම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අප කල විමසුමකදී තේවනුවර පදිංචි කේ.එස් නිශාන්ත මහතා පවසා සිටියේ මෙවැන්නකි.

Nishantha web

" වෙනදා අපි පොල් වලින් හොදම ආදායමක් ගත්තා. දැන් හැදිලා තියෙන මයිටා රෝගෙත් එක්ක අපේ ආදායම හොඳටම අඩු වෙලා තියෙන්නෙ. මොකද වෙනදා අපි පොල් ගෙඩි 1000 - 1500ත්, කඩපු කෑල්ලකින් මේ වෙනකොට අපිට කඩන්න වෙන්නෙ පොල් ගෙඩි 300 - 400ක් විතර. අපිට මේ වෙනකොට රෝගය ගැන දැණුවත් වෙන්න තියෙන්නෙ ලොකු අවශ්‍යතාවයක්. අපිට කිසිම උපදේශයක් දෙන්නෙ නෑ. ආධාරයක් උපකාරයක් කරන්නෙ නෑ. ඉතිං අපිට අවශ්‍ය වෙලා තියෙන්නෙ. මේ ගැන වග කියන බලධාරින් ගෙන්වගෙන මේ ප්‍රශ්නයට විසදුමක් ලබා ගෙන, මේ පොල් වගාව ඉදිරියටත් සාර්ථකව කරගෙන යන්න. මේ තේවනුවර වී වලට ප්‍රසිද්ධියක් දැරුවට තබ්බෝව ව්‍යාපාරයේ යටතේ වැඩියෙන්ම පොල් තියෙන ප්‍රදේශයක්. නමුත් මේවන විට තියෙන පොල් වලින් භාගයක් ගස් මැරිලා පොල් ඵලදාව ඉහළින්ම පහළ වැටිලා මේකට තිරසාර විසදුමක් අපිට දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නෙ."

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී තේවනුවර පදිංචි කේ.ඒ. චමින්ද රත්නසිරි මහතා පවසා සිටියේ,

Chaminda web

"අපේ ප්‍රධාන ආදායම් මාර්ගය පොල්. නමුත් මේ වෙනකොට පොල් ඵලදාව ගොඩක් පහළ වැටිලා තියෙන්නෙ. කලින් අපි දන්නෑ මේ මයිටා කියන්නෙ මොකක්ද කියලා. පුළුවන් තරම් අපි පොල් ගස්වලට සාත්තු කළා. නියග කාලයට වතුර ඇදලා ගස්වලට දානවා, පොහොර දානවා, ගස් සුද්ධ කරනවා, පාත්ති කොටනවා. මේ කිසිවක් කරලා සාර්ථක වුණේ පස්සෙ තමයි අපි දැන ගත්තෙ කොච්චර සාත්තු කෙරුවත් ඵලක් වුණේ නෑ මේක මයිටා රෝගය කියලා. බලධාරින්ට මේ ගැන ලොකු අවධානයක් නැති වුණාට අපිට මේක බරපතල ගැටලුවක්. මේකටත් අපි විසදුම් කොච්චර කෙරුවත් ඒවා කිසිම එකක් සාර්ථක වුණේ නෑ." යනුවෙනි.

තේවනුවර පදිංචි එස්.එම්. කපුරු බණ්ඩා මහතා පවසා සිටියේ මේ අයුරිනි.

Kapuru web

"මේ මයිටාවන්ට ඉස්සර අපිට උපදෙස් දුන්නා. පොල් සංවර්ධන මණ්ඩලයෙන් ආවා. තව මහත්වරු ආවා. ඇවිල්ලා සබන් එක්ක තවත් මොනවද? දියකරලා බෙහෙතක් හදලා දුන්නා. ඒවා අසාර්ථක වුණා. ඊට පස්සෙ බෙලෙක්ක වගයක් ගෙනල්ලා දීලා එක්ට සත්තු අල්ලලා දාන්න කීවා. අසාර්ථකයි. මේකෙන් අපේ ආදායම පහල වැටුණා. ඊට පස්සෙ අපිට මේවට පොහොර දාන්නත් ලෝභයි පොහොර මිලවත් ලැබෙන්නෙ නැති නිසා. පොල් මිළ හොද මට්ටමක තිබුණාත් පොල් විකුණන්න ගස්වල පොල් තියෙන්න එපැයි. අපිට එපාම වෙලා පොල් වගාව පැත්තකට දාලා දැන් අපේ පාඩුවෙ ඉන්නෙ. අපි බලධාරින්ගෙන් ඉල්ලන්නෙ මේ කප්රුක නැති කරන්න හදන්න එපා ඇති කරන්න උත්සාහ කරන්න කියලා."

01 web

3 Web

4 web

5 web

6 web

සටහන සේයා රූ
කේ.ප්‍රියංකර - පුත්තලම

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top