1150 x 80 px

 

හම්බන්තොට කලපු සරසන හැඳි ආලාවෝ

වියළි කලාපයට පමණක් ආවේණික කුරුලු විශේෂයක් වන හැඳි ආලාවන් (Eurasian spoonbill) මේ දිනවල හම්බන්තොට කලපු ප්‍රදේශ තුළ දකින්නට ලැබීම සුන්දර දසුනක් බවට පත්ව තිබේ.

ඉතා කඩිසර කුරුලු විශේෂයක් වන හැඳි ආලාවන් සිය ගොදුරු සොයා යන ආකාරය ද විශේෂ වේ. එම කුරුල්ලන් ඔවුන්ගේ ස්පර්ශ සංවේදී හොටය භාවිත කරමින් ගොදුරු සොයා යන අතර ගොදුර නොදුටුවද හොටයට දැනෙන ස්පර්ශය අනුව ගොදුර ආහාරයට ගනු ලැබේ. 

හැඳි ආලාවන් දේශීය නේවාසික ආවේණික නොවන කුරුලු විශේෂයක් වන අතර ඉන්දියාව, බුරුමය ඇතුළු ආසියානු කලාපයේ රටවල් තුළදී දැකිය හැකිය.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top