Untitled 1

යුද්ධයෙන් බැට කෑ කාත්තන්කුඩි ජනතාවට කුණුවලිනුත් බැට

යුධසමයේ යුද්ධයෙන් පීඩාවට පත් මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ ජනතාව අදවන විට ඉවතලන කුණු නිසා තවත් පීඩාවකට පත්වී තිබේ.

 

වසර 40ක පමණ සිට කාත්තන්කුඩියේ කලපුවට ගොඩ ගැසූ කුණු දැන් කලපුවේ අක්කර ගනනක් වසාගෙන ඇත. යුද්ධෙන් පසු සාමය උදාවීමත් සමග ගම්මාන අතහැර ගිය උදවිය යළි පදිංචියට පැමිණීමත් සමග කුණු ප්‍රශ්නය ද ඉහළ ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
සියයට සීයක තරම් මුස්ලිම් ජතාවක් වෙසෙන කාත්තන්කුඩි ප්‍රදේශයේ අදවනවිට ජනගනය 53160ක් වේ. යුධසමයේ ප්‍රදේශය අත්හැර ගිය පවුල් ගණන 542 කි.

ඉවතලන කුණු වලින් ගොඩවෙමින් තිබෙන කාත්තන්කුඩි කලපුවට මායිම ඇත්තේ කාත්තන්කුඩි අල්හිරා කනිෂ්ඨ විද්‍යාලයයි. එහි ඉගෙනුම ලබන ළමයින් ගණන 215කි. ''අවුරුදු 40ක් විතර තිස්සේ කුණු දාලා තියෙනවා. මෙහේ කුණු දාන්න ඉඩමක් නැති නිසා කලපුවට කුණු දමන බව නගර සභාව කියනවා. පාසල ආසන්නයේ කුණු දමන නිසා ප්‍රදේශය මැස්සන් ආක්‍රමණය කිරීමෙන් පාසල් සිසුන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව එහි විදුහල්පති ඒ එල් එම් ෆාරුක් මහතා පෙන්වා දෙයි .

වසර 40 ක පමණ කාලයක සිට කුණු දාමා ගොඩකර ඇති කාත්තන්කුඩි කලපුවේ මීටර් 100 කට වටා වපසරියකින් යුත් කොටස තුල විද්‍යාලයේ දරුවන්හට 2012 දි විතර කුණු ගොඩ කරලා ඊට උඩින් පස් පුරවා පාසල් ළමයින්ට සෙල්ලම් කරන්න පිට්ටනියක් හැදු බවයි විදුක්හල් පති ඒ එල් එම් ෆාරුක් මහතා පවසා සිටියේ

නමුත් ඉවතලන කුණු ගොඩ ආශ්‍රිතව ළමයින්හට ක්‍රීඩා කිරීම නුසුදුසු බවයි ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ. උතුරේ මඩකලපුව නගර සභාව හා දකුණේ අර්යම්පති ප්‍රාදේශීය සභා සමග දේශසිමා ගැටළු තියෙනවා. එම නිසා ඉඩම් ගැටළු තිබෙනවා. ඒකත් ප්‍රධාන හේතුවක් මෙම කුණු ප්‍රශ්නය ඇතිවීම සදහා. මෙම ඉඩම් ගැටලුව විසදෙනවානම් කුනු ප්‍රශ්නයට විසදුම් සෙවීමට කටයුතු කල හැකිබවයි කාත්තන්කුඩි නගර සභාවේ ලේකම් එස් එම් එම් ශෆී මහතා පවසා සිටියේ

යුද සමයේ ප්‍රදේශය අතහැර ගිය පවුල් 542ක් දැන් නැවත පැමිණ කාත්තන්කුඩියේ පදිංචියට පැමිණ තිබෙනවා එම නිසා ජන ගහනය වැඩිවීමත් සමග කුණු බැහැර කරන ප්‍රමාණය වැඩි වී ඇති බවත් දවසකට කුණු කිලෝ ග්‍රෑම් තිස් දහසක් පමණ ඉවත් කරන බව ද, ඉන් සියයට 26න් පමණ කොම්පෝස්ට් ව්‍යාපෘතියට යොදා ගන්නා බව ද නාගරික ලේකම්වරයා පෙන්වා දෙයි

''කුණු දමන්න ඉඩමක් නැති එකයි අපට තිබෙන ප්‍රධානම ගැටළුව. 2018 වසරේ දී මේ ගැටළුවට ස්ථිර විසඳුමක් ගේන්න දැන් වැඩපිළිවෙළක් හදාගෙන යන බවද ඔහු කියාසිටි ''
කුණු ප්‍රශ්නය යම් තරමකට හෝ විසඳීමට සහාය පළ කිරීමක් ලෙස තම සම්මේලනයේ මැදිහත්වීමෙන් ප්‍රජාවේ මුදල් එකතු කර ලක්ෂ 40කට ඉඩමක් ගෙන නගර සභාවට බාර දුන් බවත් . දැන් එම ඉඩමේ කොම්පොස්ට් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇතැයි කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සම්මේලනයේ වත්මන් සභාපති ඉංජිනේරු ඒ එම් එම් තවුෆික් මහතා කියා සිටියේ .

නමුත් ඉවතලන කුණු වලින් නැවත ප්‍රතිචක්‍රීයකරන ක්‍රියාවලියක් සදහා යොමුකරමින් කොම්පොස්ට් පොහොර සෑදීම සදහා යොදාගන්නේ සියයට 26 ක් පමණයි. අනෙක් සියයට 74 ක කොටස කාත්තන්කුඩි කලපුවට දමන අතර ඉන් දිනෙන් දින කලපුව ගොඩවෙමින් තිබේ .එමෙන්ම කලපුවට කුණු එකතුවීම නිසා ජලය අපවිත්‍ර වීමෙන් විශාල පරිසර හානියක්ද සිදුවන බව පරිසර සංවිධාන පෙන්වා දෙයි .

කුණු දමා මුහුද අපවිත්‍ර කරන රටවල් අතර ශ්‍රීලංකාව පස්වන ස්ථානයේ පසුවන බව පසුගිය කාලයේ එංගලන්තයේ සඟරාවක් කළ සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රධානී ආචාර්ය රවීන්ද්‍ර කාරියවම් මහතා පවසා සිටි
කුණු දැමීම නිසා මුහුදේ කොරල්පර නිර්මාණය කරන්න දායක වන කොරල් භූබාවා නැමති ජීවියා වදවී යනබවත් මුහුදට කුණු දමන රටවල් අතර ලංකාව පස් වැනි තැන පසුවන බව පසුගිය කාලයේ එංගලන්තයේ සඟරාවක් කළ සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ඔහු පෙන්වා දෙයි
ලංකාවේ කාත්තන්කුඩි වගේම මුතුරාජවෙල, හබරණ, හම්බන්තොට, මීතොටමුල්ල, බදුල්ල ආදී ප්‍රදේශ රැසක කුණු ප්‍රශ්නය තිබෙනවා. බයෝ මෙඩිකල් වේස්ට් (ඉවතලන බෙහෙත් ද්‍රව්‍ය ආදිය) තමයි දරුණුම කුණු ලෙස ලෝකයේ සලකන්නේ.

කෙසේනමුත් මේ ආකාටයෙන් මුහුදට කලපු සදහා මේ ආකාරයෙන් කණු දැමීමෙන් එම කුණු සදහා අවුව වැටීමෙන් සිදුවන ප්‍රතික්‍රියා නිසා මීතේන් වායුව නිෂ්පාදනය විය හැකි බවත් එම නිසා ඇස්මා කියන රෝගිතත්වය මෙන්ම චර්ම රෝග ඇතිවිය හැකිබව ඔහු පෙන්වා දෙයි.

- රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top