1150 x 80 px

ආබාධිතව සිටි ඇතින්න පැටවෙකු බිහිකරයි

තණමල්විල බෝදාගම ප්‍රදේශයේදී ආසාධ්‍ය තත්වයේ සිටියදී අල්ලා ගනු ලැබූ ඇතින්නියක ගැබ්බර තත්වයේ සිට ඇති බවත් පසුව ඇය පැටවෙකු බිහිකර ඇතිබවත් උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය විජිත පෙරේරා පවසයි.

බෝදාගම ප්‍රදේශය තුල ඇතින්නියක් වැටී සිටින බවට ප්‍රදේශවාසීන්ගෙන් වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඇතින්නිය අල්ලා ගැනීමේ මෙහෙයුමක් (18) පෙරවරුවේ දියත් කර ඇතින්නිය අල්ලාගනු ලැබීය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී උඩවලව ඇත් අතුරු සෙවනේ වනජීවී පශු වෛද්‍ය විජිත පෙරේරා පවසා සිටියේ රිය අනතුරක් නිසා ඇතින්නියගේ හිසට සිදුවී ඇති හානියක් හේතුවෙන් ස්නායු ආබාධයකට ලක්ව ඇති බවයි. මේ වන විට ඇතින්නගේ තත්වය අසාධ්‍ය බවද කෙසේ නමුත් ඇතින්නට අවශ්‍ය ප්‍රතිකාර ලබාදී මවුආර ජලාශය ප්‍රදේශයට මුදා හැරු බවත් ඔහු පවසා සිටියේය.

ඇතින්නියගේ තත්වය සම්බන්ධයෙන් අද (19) සිදුකල සොයා බැලීමේදී මවු ආර ජලාශය ආසන්නයේම ඇය පැටවෙකු බිහිකර සිටිනු දැකගත් බව පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා පවසයි. කෙසේනමුත් ඇතින්නිය අසනීප තත්තයේ සිටින නිසා පැටවාගේ ආරක්ෂාව පිළිබද අවදානමක් තිබෙන බවද ඒ හේතුවෙන් වනජීවී නිලධාරින් ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top