1150 x 80 px

දකුණු මුහුදු තිරයේ කැස්බෑවන් මිය යෑමට හේතුව සොයන්න අධිකරණ නියෝගයක්!

දකුණු මුහුදු තීරයේ  කැස්බෑවන් මිය යෑමට හේතුව සොයා බලා අධිකරණයට  කරුණු වාර්තා කරන ලෙසටත්, මිනිස් ක්‍රියාකාරකමක් මත සිදුවන්නේ නම් අදාළ සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙසටත්,  තංගල්ල මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු මහී විජේවීර මහතා තංගල්ල මූලස්ථාන පොලිසියට හා තංගල්ල ධීවර පරීක්ෂක වරයාට ඊයේ (20)  නියෝග කළේය.

  දකුණු මුහුදු තීරයේ තංගල්ල සිට හම්බන්තොට දක්වා වූ ප්‍රදේශයේ පසු  ගිය දිනවල කැස්බෑවුන් මිය ගොස් සිරුරු හමු වී තිබුණි.  

මිය ගිය කැස්බෑවුන්ගේ සිරුරු වල පිටතින් තුවාල නොමැති බවත්, ස්වාභාවික ව මියගොස් නොමැති බවත් සඳහන් කරමින් කළමැටිය වනජීවී කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක නිළධාරී උත්පල අදාරංඟ මහතා තංගල්ල මහේස්ත්‍රාත් වරයා හමුවට කරුණු ඉදිරිපත් කලේය.  මුහුදු පත්ලේ මඩුවන් ඇල්ලීම සඳහා යොදන මඩු දැල් වල මෙම කැස්බෑවුන් පැටලීම නිසා කැස්බෑවන්ට හුස්ම ගැනීමේ අපහසුතා නිසා මියයෑමට හැකියාව ඇති බව පෙන්වා දෙන ලදී.  එවැනි උගුල් ඇටවීම් හා තහනම් දැල් යෙදීම් සිදු වන්නේනම් ඒවා මගින් මෙවැනි ආරක්ෂිත මුහුදු සතුන් වීනාශ විමට ඉඩකඩ ඇති බව පැවසේ.

මෙලෙස මිය ගිය ගිය කැස්බෑ වන් තිදෙනෙකු ගේ  සිරුරු  උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය වරයා වෙත යොමු කර ඇති බවද මිය ගිය කැස්බෑවුන් කොල කැස්බැවුන් සහ බටු කැස්බෑවුන් වර්ග දෙකට අයත් බවද අදාරංඟ මහතා අධිකරණයට කරුණු වාර්තා කරමින් කිය.
 
මේ සමබන්ධව නියෝගය ලබා දෙමින් මහේස්ත්‍රාත් වරයා කියා සිටියේ මෙවැනි ආරක්ෂිත මුහුදු සත්වයින් මිය යෑමට හේතුව සමබන්ධව අදාළ පශු වෛද්‍ය වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටත්, තහනම් දැල් භාවිතා කිරීමක් හෝ වෙනත් උගුල් ඇටවීමක් කර ඇත්නම් ඒ සම්බන්ධව සොයා බලා අදාළ සැකකරුවන් සිටීනම් වහා අත් අඩංගුවට ගන්නා ලෙසට නියෝග කලේය.  මේ සමබන්ධව සම්පූර්ණ වාර්තාවක් 2017-03-31 දිනට තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරක ලෙසටත්, තංගල්ල මූලස්ථාන පොලිසියට හා තංගල්ල ධීවර පරීක්ෂකවරයා වෙත නියෝගයක් ලබාදුන්නේය.    

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top