1150 x 80 px

අයාලේ යන යාල සෆාරි ජීප් රථ

යාල ජාතික උද්‍යානය තුලට පිසෙන සෆාරි ජීප් රථවලට මෙන්ම සියලු වාහන සදහා රථවාහන වේග සීමා මෙන්ම සංචාරකයින් හට දැඩි නීති රීති පනවා තිබුණ ද එම නීති රීති උල්ලංඝනය කරනු ලබන සෆාරි ජීප් රථ රියදුරන් උද්‍යානය තුලදී අද වනවිටත් නිතර දක්නට ලැබෙයි.

අධික වේගයෙන් වාහන ගමන් කිරීම, මාර්ගයෙන් වාහන ඉවතට ගැනීම, වාහන මත නැගීම, සතුන්හට අවහිරවන අයුරින් හැසිරීම, යාල වනෝද්දී‍යානය තුලදී සිදුවන නීති උල්ලංඝනය කිරීම් කීපයක් වේ.
පැමිණෙන සංචාරකයින් පිනවීම සදහා බොහොමයක් සෆාරි ජීප් රථ රියදුරන් වනසතුන්හට හිරිහැර වන අයුරින් හා උද්‍යාන තුල ක්‍රියාත්මක වීම නිසා වන සතුන්ට මෙන්ම පැමිණෙන සංචාරකයින්හට ද ජීවිත අවධානමක් පවතී .

2015 අගෝස්ස්තු මස 28 දින යාල ජාතික උදයනයේදී වාහනයක් ගැටී දිවියෙකු මියයාමත් සමග යාල ජාතික උද්‍යානයට පැමිණෙන සෆාරි ජීප් රථ මෙන්ම අනෙකුත් වාහන සදහා දැඩි නීති රීති පනවන ලදී .
ශ්‍රීලංකාව තුල මුලින් ඇතිකළ වනජීවී රක්ෂිත කලාපයන් ලෙස 1900 දී පමණ යාල හා විල්පත්තුව වෙන්කරන ලදී .ඒ අතරින් අද වනවිට යාල ජාතික උද්‍යානයට පැමිණෙන සංචාරකයින් බොහොමයක් ඒ වෙත පැමිණෙන්නේ දිවියන් දැක බලා ගැනීමට වුවත් ලංකාව තුල දැකිය හැකි බොහොමයක් වන සතුන් ඒ තුල දක්නට ලැබීම යාල තුලට සංචාරක ආකර්ෂණයට හේතුව වී තිබේ .
යුද්ධයෙන් පසු යාල
තිස්වසරක පැවති යුද්ධය නිමා වී රට සාමය ලැබීමත් සමග යාලට පැමිණෙන සංචාරකයින් වැඩිවීමත් සමග සෆාරි ජීප් රථ ද වැඩි වී ඇත. යුද්ධය පවතින කාලයේ යාල සංචාරයට තිබු සෆාරි ජීප් රථ 125 කට අඩු සංඛ්‍යාවකි. අද වනවිට 700 කට අධික සෆාරි ජීප් රථ ප්‍රමාණයක් සංචාරක කටයුතු සදහා යොදවා තිබේ .

මේ තත්වයට ප්‍රධාන හේතුව වනෝද්‍යානයට ඇතුළුවන ජීප් රථ ප්‍රමාණයන් සිමා ඉක්මවා යාම මෙන්ම මේ ආකාරයෙන් සෆාරි ජීප් රථ වැඩි වුවත් ඒ සදහා නියාමනයක් නොමැති නිසා මේ ආකාරයෙන් ජීප් රථ රියදුරන් නීති උල්ලංගනය කරමින් හැසිරීමෙන් සතුන්ගේ ස්වාභාවික චර්යාවන්හට බොහෝසේ බදා වේ.


රියදුරන්ට පුහුණුවක් අවශ්‍යයි
යාල මේ වන විට පවතින ප්‍රධාන ගැටලුව තමයි වාහන තදබදය මෙන්ම නුපුහුණු රියදුරන් මේ සදහා සම්බන්ධ වෙලා සිටීම. හැමදෙනාටම සතුන්ගේ චර්යාවන් පිළිබද පුහුණුවක් අවශ්‍යයි. මේ බව පැවසුවේ යාල සෆාරි ජීප් රථ සංගමයේ සභාපති පි .ඩි .කිර්ති ප්‍රකාශකර සිටින්නේ .

කලාප පහකින් යුත්තවන යාල ජාතික උද්‍යානය හෙට්ටයාර ලක්ෂයකින් පමණ යුත්තවේ. එමෙන්ම මෙම කලාපයන්හට පිවිසීම සදහා යාල පලටුපාන ප්‍රධාන පිවිසුම මෙන්ම සිතුල්පවුව්ව කටගමුව පිවිසුම , ගල්ගේ පිවිසුම යන පිවිසුම් ඇත්තත් බොහොමයක් සංචාරකයින් මෙන්ම සෆාරි ජීප් රථ පැමිණෙන්නේ යාල පලටුපාන ප්‍රධාන පිසිසුමින් ඇතුළුවීම සදහා වේ .
එකම කලාපයක් තුල තුල ජීප් රථ වැඩිවීමත් ඒ තුලින් සිදුවන තරගකාරී බව වැඩිවීමත් තුල මේ ආකාරයෙන් නීති රීති උල්ලංගනය කිරීම් වැඩි වී තිබේ.
නමුත් හෙට්ටයර් 14101 කින් යුත්ත යාල පලටුපාන කලාප අංක එක හැරුණු කොට සිතුල්පවුව කටගමුව පිවිසුමෙන් ඇතුළුවී යාල කලාප එකට හා දෙක සදහා මෙන්ම ගල්ගේ පිවිසුමින් ඇතුළුවී යාල කලාප තුන මෙන්ම පහ ප්‍රදේශයන්ට ඇතුළුවීමේ හැකියාව සංචාරකයින්ට තිබේ .

වාහන සිමා කරනවා
කෙසේනමුත් මේ සම්බන්ධයෙන් කල විමසීමකදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිවු .එච් .ඩි .පතිරත්න ප්‍රකාශ කර සිටිඉයේ මේ තත්වය පාලනය කිරීම සදාහා ඉදිරියේදී යාල A .B . C . වශයෙන් කළාප තුනකට බෙදා එක කළාපයක් සදහා ඇතුළුවන වාහන සීමා කරන බවයි. නමුත් ඒ සදහා විශාල ආයෝජනයක් අවශ්‍ය බැවින් එය ඉක්මනින්ම සිදු කල හැකි කාර්යක් නොවන බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.





රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top