Untitled 1

යාලදී වෙඩි වැදුණු මුවැත්තිය පැටවෙකු බිහිකරලා

යාල ගල්ගේ කලාප අංක 4 සුවන්දිරන්ආර ප්‍රදේශයේදී දඩයක් කරුවෙකු ගේ වෙඩි පහරට ලක්වී සිටි ගැබ්බර මුවතියක් වෙඩි වැදීමෙන් පසු ගැබට සිදුවූ හානි නිසා ගැබේ සිටි පැටවා එලියට පැමිණ තිබියදී සෆාරි ජීප් රථ රියදුරන් පිරිසකට හමුවී තිබේ .


වෙඩි වැදීමෙන් පසු බිහිකරන ලද පැටවා මියගොස් සිටියත් වෙඩි වැදී තුවාල ලබා සිටි සිටි මුවැත්තිය වන ජීවී නිලධාරියෙකු හට බාරදීමට සෆාරි ජීප් රථ රියදුරන් කටයුතු කර තිබේ .
මේ සම්බන්ධයෙන් යාල ගල්ගේ වනජිවිනිලධාරියෙකුගෙන් කල විමසීමකදී ඔහු ප්‍රකාශ කලේ ඒ අකාරයේ තුවාල ලබා සිටි මුවත්තියක් ගැන වනජීවී කාර්යාලයට වාර්තා නොවුන බවයි .
මේ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ ඌව පළාත බාර සහකාර අධ්‍යක්ෂක එම් . චන්ද්‍රසේන මහතාගෙන් විමසු විටදී ඔහු ප්‍රකාශ කර සිටියේ මේ ආකාරයේ සිදියක් සම්බන්ධයෙන් තොරතුරක් වාර්තා නොවුන බවත් ඒ ගැන සොයා බැලීමක් සිදුකරන බවයි .
යම් නිලධාරියෙකු විසින් රැගෙන යනු ලැබූ මෙම මුවත්තියට කිසිදු ප්‍රතිකාරයක් ලබානොදීමට කටයුතු නොකිරීම හා අධාල නිලධාරින් ඒ සම්බන්ධයෙන් දැනුවත් නොකර සිටීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතු කරුණකි .
වන ජීවී දැඩි රක්ෂිතයක් තුලදී මේ ආකාරයෙන් සෙතෙකු වෙඩි වැදී තුවාල ලබා සිටියදී ඒ ගැන නිඅල්දාරින්ද දැනුවත් කලත් කිසිවෙකු මුවත්තියට සිදුවූ දේ නොදැන සිටීම කණගාටුවට කරුණකි
කෙසේනමුත් යාල ජාතික උද්‍යානයේ සංචාරකයින් බහුල ලෙස නොයන ප්‍රදේශයන් තුල මේ වනවිටත් වන සතුන් දඩයක් කරුවන්ගේ ගොදුරු බවට පත් වෙමින් තිබේ .
යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක එක ප්‍රදේශයේදී 2015 වසරේ සප්තැන්බර් මස 02 දින වනජීවී නිලධාරීන් හා දඩයක්කරුවන් තිදෙනෙකු සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී දඩයක් කරුවෙකු මිය යන ලදී .
ලංකාවේ මුලින්ම වනජීවී රක්ෂිත කලාප ඇතිවන්නේ 1900 කාලයේදී වේ එහිදී මුලින්ම ඇතිකළ රක්ෂිත වන්නේ යාල හා විල්පත්තුව වේ
මුල්කාලීනව යාල වනෝද්‍යානය එවක පැවැති පාලනය මගින් වෙන්කර තිබුනේ විනෝදය පිණිස දඩයම් කිරීමට හැකි කලාපයක් ලෙසයි නමුත් එය දිශාපති වරයාගේ අවසරයකින් යුතුව කල යුතු විය මේ නිසා 1905 කාලය තුල යාල ප්‍රථම බාරකරු වූ එංගල් බ්රේක් යාල රැකගැනීමට දැඩි සේ ඔහුගේ අනසක යාල තුල ක්‍රියාත්මක කරන ලදී .අවසරකින් තොරව දඩයමේ පැමිණි සුදු මහතුන් පවා ඔහු ගස් බැද දිමිගොටු දමා පහර දීමට කට යුතු කල බව ලෙනාඩ් වුල්ෆ් ගේ දින සටහන් තුල දක්වා තිබේ
අද වනවිට සතුන් දඩයම් කිරීම තහනම් ක්‍රියාවක් වේ ඒ මෙන්ම වනෝද්‍යාන තුලට අවසරකින් තොරව කිසිසේත් ඇතුළු වීමට ද නොහැකිය නමුත් යාල වනෝද්‍යානය තුල දඩයක් කරුවන්ගේ ග්‍රහණයට හසුවීමෙන් තවමත් වන සතුන්ගේ ජිවිත සදහා හානි සිදුවෙයි .

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top