Untitled 1

රංචුවෙන් මගහැරුණු අලිපැටවෙකු උඩවලව ඇත් අතුරු සෙවනට

බූන්දල ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටි ඉක්කපල්ලම ප්‍රදේශයේ දි රංචුවෙන් මඟ හැරුණු වල් අලි පැටියෙක් ප්‍රදේශ වාසින්ට හමුවීමෙන් පසු වනජීවී නිළධාරීන් භාරයට ගෙන උඩවලව ඇත් අතුරු සෙවනට (17) දහවල් භාරදුන් බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිළධාරී විජය කුමාර මහතා සඳහන් කලේය.

වයස අවුරුදු තුනක් පමණ වන අලි පැටියා නිරෝගී මත්ව සිටින බවත්, කැළයේ වල් අලි රංචුවෙන් මඟ හැරී ඉක්කපල්ලම ගම්මානය දෙසට තනිවම පැමිණි අවස්ථාවේ දී ප්‍රදේශවාසින් දැක ඒ සමබන්දව වනජීවී නිළධාරීන්ට දැනුම් දීමෙන් පසු වනජීවී නිළධාරීන් අලි පැටියා නිරුපද්‍රිතව අල්ලා උඩවලව ඇත් අතුරු සෙවනට භාරදීමට කටයුතු කල බව විජය කුමාර මහතා සඳහන් කලේය


බූන්දල ඉක්කපල්ලම ප්‍රදේශය නිරන්තරයෙන් වල් අලින් ගම්වදින ප්‍රදේශයක් වන හෙයින් අලි පැටියාගේ මව කිසියම් අනතුරකට පත්වන්නට ඉඩ ඇතැයි වනජීවී නිළධාරීහු සැකකරති.


රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top