1150 x 80 px

ලෝක උරුම සිංහරාජයෙන් වදවී යන  අලි උරුමය

 


ශ්‍රී ලංකාවේ ඇති ලෝක උරුම වන  සිංහරාජ රක්ෂිතයේ දැනට ඉතිරිව සිටින්නේ වන අලින් දෙදෙනෙකු පමණි.

90 දසකය තුල සිංහරාජ වනත්රය තුල වන අලින් තිදෙනෙකු ජීවත් වී ඇති අතර මේ වනවිට ඉන් එක් වන අලියෙකු මියගොස් තිබේ.

1933 කාල වකවානුව තුල සිංහරාජයේ සිටි අලි රංචුවක අවසාන පැටවුන් දෙදෙනා මේ අලි දෙදෙනා බව කියැවේ.  මේ වන විට  අලි දෙදෙනාගේ  වයස වුරුදු 40-35 ක පමණ වේ.   

කෙසේ නමුත් මේ ආකාරයෙන් ඉතිරිවූ වන අලින් දෙදෙනාම පිරිමි සතුන් වීම තුල සිංහරාජයේ අලි පරපුර මින් ඉදිරියට යෑමේ ගැටළුවක් මතුවේ.

කෙසේනමුත් දැනට ඉතිරිව පවතින වන අලින් දෙදෙනාගෙන් එක් අයෙකු 1999 වර්ෂයේදී පශු වෛද්‍ය නන්දන අතපත්තු මහතා ප්‍රමුක වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඇල්ලීමට කටයුතු කල  නමුත් ප්‍රදේශයේ ජනතාව  වන අලියා අල්ලාගෙන රැගෙන යනවාට තුබූ විරෝධය හේතුවෙන් යලි වන අලියා සිංහරාජයටම  හිමි විය.

සිංහරාජයේ කොටසක්ව තිබු කන්එළිය  වනාන්තරය සිංහ රජයෙන් දෙකඩ වනවිට කොටු වී සිටි වන අලින් රංචුවක් පිලිබඳවත් අසන්නට ලැබෙයි. කෙසේනමුත් එම අලින්ගේ අවසාන වන අලියා 1979 දී වෙඩි පහරට ලක්ව මිය ගිය අතර අදටත් කන්එළිය විහාරයේ එම වන අලියාගේ හිස් කබල ප්‍රධාර්ශනයට තබා තිබේ .

1988 අංක 4 දරණ ජාතික උරුම වන භූමි පනත යටතේ 1988 ඔක්තෝම්බර් 21 වන දින අංක 528/14 දරණ ගැසට් නිවේදනය මගින් සිංහරාජ අඩවියේ හෙක්ටයාර 11187 ක භූමි ප්‍රමාණයක් ජාතික උරුම වන භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණු අතර  අද දින තෙක් මෙම පනතට අනුව ප්‍රකාශයට පත් කළ එක ම වනාන්තරය මෙය යි.

අන්තර්ජාතික අවධානයට ලක් වූ මෙම වනාන්තරය   1989 වසරේ දී යුනෙස්කෝව (UNESCO- United Nations Educational, Scientific and Cultural Organization) විසින් ලංකාවේ පළමු ස්වාභාවික ලෝක උරුමය ලෙස සිංහරාජය ප්‍රකාශයට පත් කෙරිණ.

සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවෙහි මධ්‍යම කදුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කදුවැටියේ උස මීටර 300-1170 සීමාවේ, හේක්ටයාර 11250 ක පැතිර පවතින ජාතික වනෝද්‍යානයකි.

රක්ෂිතයේ නැගෙනහිර දෙස සි‍ට බටහිර දෙසට දුර කි.මි. 21ක් සහ උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම දුර කි.මි.7ක් වන මෙහි ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.

පනාමුරේ අලි ගාල තිබු කෑළෑ ප්‍රදේශයේ වන පනාමුරේ වනාන්තර සිමා වන සිංහරාජ වනාන්තරය තුල නිරන්තරයෙන් වන අලින් සංචරණය වූ මාර්ග තිබී ඇත. එම වන අලි මාතර අකුරැස්ස ප්‍රදේශය දක්වා සංක්‍රමණය වී තිබේ. එමෙන්ම හම්බන්තොට බුන්දල ප්‍රද්ශයේ සිට අම්බලන්තොට රැකව, නෙටොල්පිටිය, බෙලිඅත්ත හරහා කබුරුපිටිය දක්වා සංක්‍රමණය වී ඇති බවට සාදක තිබේ. නමුත් අදවන විට මේ සියලු අලි මන්කඩවල් ජනාවාස  හා නගර බවට පත්වී තිබේ. ඒ තුල වන අලින්ගේ ස්වාබාවික ගමන් මාර්ග අවහිර වී එම සතුන් එක් ප්‍රදේශයකට පමණක් කොටුවී තිබේ.


රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top