Untitled 1

‘‘මුතුරාජවෙළ විනාශයි’’

පරිසර පද්දතියට නීති විරෝධීව කසල බැහැර කිරීමට එරෙහිව කොළඹ නාගරික කොමසාරිස් ඇතුළු 11කට මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මුතුරාජවෙළ යනු කොළඹ නගරයට අසන්නයෙන් ඇති හෙක්ටයාර් 1800කට පමණ වන සංවේදී පරිසර පද්දතියකි. දඩුගං ඔය, අත්තනගලූ ඔය, මීගමුව කලපුව හා කැළණි ඟගට මායිම පිහිටා ඇති මුතුරාජ වෙල පරිසර පද්දතියේ ආවේණික මතස්‍යය යන් හට තොතැන්නකි’ මෙයට අමතරව මතස්‍ය ප‍්‍රජනන කලාපයක්ද වන මුතුරාජවෙල ජලජ ජීවීන්ට ආරක්‍ෂිත කලාපයක්ද වන්නේය.

ආවේණික සමණල්ලූ මෙන්ම සංක‍්‍රණික කුරුල්ලන්ද ආවේණික කුරුල්ලන්ද විශාල ප‍්‍රමාණයක් වාසය කරන වගුරු භූමියක්ද වේ. උරග විශේෂයන් විශාල ප‍්‍රමාණයක වාස භූමියක් වන මුතුරාජවෙල වැසි ජලය ගබඩා කරගනිමින් ක‍්‍රමිකව මුහුදට මුදාහරින් පරිසර පද්දතියක්ද වේ. අභයභූමියක් ලෙස ගැසට් පත‍්‍රයක් මගින් ප‍්‍රකාශිත මුතුරාජ වෙල මේවන විට විශාල තර්ජනයකට ඇද දමා ඇත.

කොළඹ නගරය තුළ දෛනිකව එකතු වන ටොන් 800ක් පමණ වන කසල කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්ගේ නියෝගයෙන් මෙම මුතුරාජවෙල පරිසර පද්දතියට බැහැර කිරීම ආරම්භ කර ඇත. මෙම කසල බැහැර කිරීම හේතුවෙන් මේ වන විට මුතුරාජවෙල පරිසර පද්දතියේ 1 ණඵ පමණ ප‍්‍රමාණයක් විනාශයට පත්ව ඇත. ඒ හේතුවෙන් මීගමු පාර වත්තල, මහබාගෙ, නාගොඩ, කඳාන යන ප‍්‍රදේශවල අධික දුර්ගන්ධයක් හමායයි. එසේම මැසි උවදුර පැතිර යමින් ඇත. එමෙන්ම මදුරු ගණත්වයද විශාල ලෙස වැඩිවී ඩෙංගු රෝගීන් දෛනිකව සොයාගත හැකි කළාපයක් බවට පත්ව ඇත. මෙයට අමතරව උස්වැටකෙයියාව, දික් ඕවිට, ඇලකන්ද, කෙලවරපිටිය යන ප‍්‍රදේශවලටද වැසි සමයත් සම`ග විශාල මහජන සෞඛ්‍ය ගැටළුද මතුවී ඇත.

පහත් බිම් සංවර්ධන මණ්ඩලය මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතන වල නිසි අවසරය ලබාගෙන නොමැති මෙම කසල බැහැර කිරීම සඳහා දේශපාලන නායකත්වය ප‍්‍රදේශයේ ආණ්ඩු පක්‍ෂයේ දේශපාලන ප‍්‍රධානීන් මෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය භාර බස්නාහිර නගර සංවර්ධන ඇමතිවරයාද සහාය දක්වන බව පැවසේ. අදාල ආයතවලට ජනතාව පැමිණිලි කළද ඒ සදහා ගත්තාවූ පියවරක් නොමැත.

මෙම කරුණු මූලික කොටගෙන පුරවැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම පාදක කොටගෙන කොළඹ මහ නගර සභවේ නාගරික කොමසාරිස් ප‍්‍රමුඛ රාජ්‍ය ආයතන 11ක ප‍්‍රධානීන්ට හා දේශපාලඥයන්ට විරුද්ධව 2017/06/09 වන දින පෙ.ව 10.30ට කොළඹ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත වේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top