1150 x 80 px

හෘද සැත්කම් සඳහා 'ස්ටෙන්ස්' මිල පහළට

හෘද සැත්කම් සඳහා භාවිතා කරන 'ස්ටෙන්ට්' මිල ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වහාම අඩු කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා අද (5) ගම්පහ දී පැවති උත්සවයකට එක් වෙමින් මේ බව ප්‍රකාශ කර සිටියේය.

මේ අනුව වෙළඳපොලේ රුපියල් 75,000කට අලෙවි වූ ලෝහමය ස්ටෙන්ට් එකක මිල රුපියල් 24,000 දක්වා ද රුපියල් 350,000කට අලෙවි වූ ඖෂධ මුදාහරින ස්ටෙන්ට් එකක මිල රුපියල් 105,000 දක්වා ද අඩු කර ඇත. වෙළඳපොලේ ඉතා අධික මිල ගණන් වලට ස්ටෙන්ස් විකිණීම හේතුවෙන් හෘද රෝගීන් පත්වන අපහසුතාවය පිළිබඳව සලකා බලා තමන් මෙසේ ස්ටෙන්ට් මිල අඩු කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට දැනුම් දුන් බව අමාත්‍යවරයා පැවසීය. මෙම මිල අඩු කිරීම 2015 අංක 05 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව සිදු කර තිබේ.

එසේම, නව මිල ගණන් වලට අනුව ස්ටෙන්ට් අලෙවි කෙරෙන්නේදැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් විමර්ශනය කෙරෙනු ඇති බවත් ඉදිරියේදී තවත් මිල අධික ඖෂධ සහ උපකරණ මිල ගණන් අඩු කරමින් ජනතාවට සහන සැලසීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top