1150 x 80 px

රවීට ඉල්ලා අස්වෙන්න යැයි කියන්නට සුමතිපාලට සහ යාපාට ඇති අයිතිය මොකක්ද?

තිලංග සුමතිපාල සහ ලක්ෂ්මන් යාපා, රවී කරුණානායකට ඉල්ලා අස්වන්නැයි කියති. සිරිසේනට විරුද්ධව මහින්ද රාජපක්ෂට සහාය දුන් ඔවුන්ට එසේ කියන්නට තිබෙන්නේ කුමන අයිතියක්ද? ලක්ෂ්මන් යාපා, ප්‍රසිද්ධියේම සිරිසේනට විරුද්ධව ඡන්ද වැඩ කළේය. මේ අය, සිරිසේන හිරේ ගියා නම් හෝ සිරිසේන පරාජය වුණා නම් ඔහුව බලන්නටවත් යන අය නොවේ. රාජපක්ෂ පැරදුණු විට නිර්ලජ්ජිත ලෙස සිරිසේනට හේත්තු වූ අයයි. මහමැතිවරණයේදී මේ දෙදෙනාටම පාර්ලිමේන්තු එන්නට බැරි විය. ඔවුන් ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීමෙන් සිරිසේන කළේ බලවත් වරදකි. ඔවුන්ට මහින්ද රාජපක්ෂ ගැන ද හැඟීමක් නැත. එයට හේතුව කල්ක්‍රියාවේ ස්වභාවය නිසා තමන්ගේ ආසන ද අහිමි කර ගත් හෙයිනි.

 

රගර් ක්‍රීඩක තාජුඩීන්, මාධ්‍යවේදී එක්නැලිගොඩ සහ ලසන්ත වික්‍රමතුංග ගේ ඝාතකයන් ඇල්ලීම සම්න්ධයෙන් පසුගිය වසර 3 පුරා මේ ආණ්ඩුව කළේ කුමක්ද? බිලියන ගණනක් වන EPF වංචාව ගැන මේ ආණ්ඩුව කළේ කුමක්ද? මේවායේ විමර්ශන ගැන මේ අය කෑ ගහන්නේ නැත්තේ ඇයි? එහෙම කරන්නට ඔවුන්ට බැරි නිසා ය. 

යාපා සහ සුමතිපාල ජෝඩුවම ඒ ආණ්ඩුවේ අවුරුදු 11 ක් තිස්සේ කොටස්කරුවන් බවට පත්වී සිටි නිසා ය. තම ව්‍යාපාර කටයුතුවලදී මෝඩ අන්දමින් හැසිරීම හැරුණු විට රවී කරුණානායක කිසිවෙක් ඝාතනය කර නැත. රවී වසර ගණනක් තිස්සේ ව්‍යාපාර කරන්නෙකි. මේ නිසා යාපා සහ සුමතිපාල වැනි අය ගැන ආණ්ඩුව සෝදිසියෙන් සිටිය යුතුය. සිරිසේනට එරෙහිව රාජපක්ෂගේ පැත්තට රැල්ල ගහන යම් දවසක් උදා වුණොත් රාජපක්ෂ ළඟට මුලින්ම දුවන්නේ මේ දෙදෙනා ය. හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා රාජපක්ෂගේ පැත්තට පිල මාරු කරන විට ලක්ෂ්මන් යාපා ඔහුව බදාගෙන සිටින හැටි දැක්වෙන සාක්ෂි රාශියක් විද්‍යුත් මාධ්‍යය සතුව තිබේ. අනාගතයේදීත් ඔහු මේ දේම නැවත කරනු නිසැක ය.

https://www.youtube.com/watch?v=4zsi4IlMJTk

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top