1150 x 80 px

සමෘද්ධි සහනාධාරයක කප්පාදු කරන්නේ නෑ - මෛත්‍රී

 

සමෘද්ධි සහනාධාරය කප්පාදු කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව චෝදනා එල්ල කළද එම සහනාධාරය කප්පාදු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 

මහජනතාවගේ ජනජීවිතය නගාසිටුවීම සඳහා ආණ්ඩුව කටයුතු කරන බවත් ඔවුන්ට ලබාදෙන සහනාධාර අත්හිටුවීමට කිසිසේත් කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයා පවසයි. විවිද පුද්ගලයන් දේශපාලන උසිගැන්වීම් මත සමෘද්ධි සහනාධාරය කප්පාදු කරන බවට ප්‍රකාශ කරමින් ජනතාව නොමග යැවීමට කටයුතු කරමින් සිටින බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සමෘද්ධි නිළධාරීන්ගේ සංගමයේ ලේකම් ජගත් කුමාර මහතා ප්‍රකාශ කළේ සමෘද්ධිය කප්පාදු කරමින් ආණ්ඩුව දිළිඳුකම පිටුදැකීමේ වර්ෂය සැමරීමට සූදානම් වන බවයි. එයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඒ අනුව ඉදිරියේදී රටපුරා විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top