1150 x 80 px

දිය සොයා එන වනසතුන් ට වස දෙන මනුසත්තු

 

මේ වනවිට හම්බන්තොට සහ ඒ අවට ප්‍රදේශයන් හි පවතින නියගය සහිත කාලගුණ තත්වය නිසා ප්‍රදේශයේ බොහොමයක් වැවු අමුණු සිදී ගොස් තිබේ. මේ තත්වය වන ගත ප්‍රදේශ තුළ තිබෙන කුඩා වැවු අමුණුවලටද බෙහෙවින් බලපා ඇති නිසා වනසත්තු ද ජලය නොමැතිව පීඩා විදිති.

කෙසේ නමුත් මේ තත්වය අමානුෂික ලෙස ප්‍රයෝජනයට ගනිමින් වන සතුන් දිය සොයා එන වැව් ආශ්‍රිත කුඩා වළවල් තුළට වස දමා සතුන් මරා මස් පිණිස විකිණීමේ ජාවාරමක යම් පිරිසක් නියැළෙන බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීහු පෙන්වා දෙති.

මේ අකාරයෙන් කුඩා දිය වළවලට වස දැමීම නිසා සූරියවැව , වැලි වැවේ , ජලය සිදී ගිය 14 වැව අසල දිය බීමට පැමිණි මුවෙකු සහ එළුවන් හත්දෙනෙකු මියගොස් තිබේ.

මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ හම්බන්තොට වනජීවි කාර්යාලය හා සූරියවැව පොලිසිය එක්ව ක්‍රියාත්මක කරනු ලැබේ .

- රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

 

 

 

 

 

 

 

 

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top