1150 x 80 px

වනසතුන්ට ජලය සැපයීම හා ගිනි නිවීම සඳහා බවුසර් 10ක්!

 

දැඩි නියං තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් සතුන්ට ජලය සැපයීම සඳහාත් වනාන්තර ගිනි ගැනීම්වලින් ආරක්ෂා කිරීම සඳහාත් ජල බවුසර් 10 ක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

 

මෙම බවුසර් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට නියමිත වේ.

මෙම කැබිනට් යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා විසින් ඉදිරිපත් කර තිබුණි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top