1150 x 80 px

මිනිස් පරිභෝජනයට නුසුදුසු ලෙස ගම්මිරිස් වේලු තිදෙනෙකුට නඩු

 

හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් මහපාරේ දමාගෙන ගම්මිරිස් වේලු පුද්ගලයින් තිදෙනෙකුට විරුද්දව නඩු පවරා ඔවුන් සතුව තිබු ගම්මිරිස් කිලි 1000 කට ආසන්න ප්‍රමානයක් අත් අඩංගුවට ගැනීමට හම්බන්තොට සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කරයුතු කර තිබේ.


දින කීපයක සිට හම්බන්තොට මිරිජ්ජවිල උද්භිත ද්‍යානය ඉදිරිපිට මාර්ගය භාවිතා කරමින් මිනිස් පරිභෝජනයට නුසුදුසු ලෙස කිසියම් පිරිසක් විසින් ගම්මිරිස් වෙලාන බවට ලැබුණු තොරතුරකට අනුව අද 12 දින සවස මෙම වැටලීම කර තිබේ .

අදාල පුද්ගලයින් ඇඹිලිපිටිය කොලොන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර එම ප්‍රදේශවල වැසි බරිත කාලගුණ තත්වයන් පවතින නිසා හම්බන්තොට ප්‍රදේශයට පැමිණ මෙලෙස ගම්මිරිස් වෙලාන බවයි ඔවුන් කියා සිටියේ .

කෙසේනමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යටතට ගත් ගම්මිරිස් තොගය හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් සැකකරුවන්ට විරුද්ධව නඩු පැවරීම සිදුකරන බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් .ජිනසිරි මහතා කියා සිටියේය.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top