1150 x 80 px

මාර්ග තදබදයට පාඨලීගෙන් විසදුම්!

 

මාර්ග තදබදය විසඳීම සඳහා පොදු ප්‍රවාහන මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ බස් මංතීරු ඇතුළු නව මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදීය.

මෙතෙක් කල් මාර්ග තදබදයට විසඳුමක් ලෙස උමං මාර්ග සහ ගුවන් පාලම ඉදිකළ අතර ඉන් බලාපොරොත්තු වූ කරණය ඉටු නොවුන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව බස් දුම්රිය වන සේවාව එකට හමුවන මධ්‍යස්ථාන ඉදි කරන බව ප්‍රකාශ කළේය.

එහි ප්‍රථම මධ්‍යස්ථානය කොට්ටාව මා කුඹුර ප්‍රදේශයේ පිහිටුවන බව රණවක මහතා කියා සිටියේය. මෙම පොදු ප්‍රවාහන මධ්‍යස්ථානයට අමතරව සැහැල්ලු දුම්රිය සේවාව, බස් සඳහා මං තීරූ නියම කිරීම අවශ්‍ය බවයි හෙතෙම පෙන්වා දුන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top