1150 x 80 px

රාජපක්ෂ ත්‍රිත්වයකට වැඩ වරදී

 

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, පුතුන් වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ යන තුන්දෙනාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ සහාය ලබා ගැනීමට සැරසේ.

ශිරන්ති රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහැරීම නිසා මේ තත්ත්වය මතු වී තිබේ.

ලබන 15 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට අවසාන නිවේදනයක් නිකුත් කර ඇති අතර, එම නිවේදනයට අනුව ඔවුන් නොපැමිණියහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129/6 වගන්තියට අනුව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට තීරණය කර තිබේ.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ ද චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමට අදාළ ව කළ වියදම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීමට නියමිත ය.

සිතාරා කුලරත්න

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top