1150 x 80 px

නව නාවික හමුදාපති ට්‍රෙවිස් සින්නයියා
නාවික හමුදාවේ නව හමුදාපතිවරයා ලෙස ට්‍රෙවිස් සින්නයියා මහතා පත්කර තිබෙන බව වාර්තා වේ. අද (17) ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සින්නයියා මහතාගේ පත්කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.
සින්නයියා මහතා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් තුන්වැනි ස්ථානයේ පසුවේ. ඔහුට ඉදිරියෙන් සිටින නිළධාරීන් දෙදෙනාටම පසුගිය රජය සමයේදී කොළඹ ද්‍රවිඩ තරුණයන් පිරිසක් අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.
 
ට්‍රෙවිස් සින්නයියා මහතා කීර්තිමත් සේවා ඉතිහාසයක් සහිත නාවික නිළධාරියෙකු වන අතර සාමාන්‍ය නාවික සෙබළුන්ගේ සිත් දිනාගත් ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකි.
 
2011 වසරේදී එවක පැවති පාලනයේ විවිධ කෙනෙහිලිකම් නිසා ඔහුට හමුදා සේවය අත්හැර යාමට සිදුවූ අතර ඉන්පසු සින්නයියා මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස කටයුතු කළේය. කෙසේ වෙතත් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු ඔහුට නැවතත් හමුදා සේවයට එක්වීමට හැකි වූ අතර ඉන්පසු නැගෙනහිර පළාත් අඥාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top