1150 x 80 px

රවීගේ ලෙඩේ ගෝටාටත් බෝ වෙයි!

2012 නොවැම්බර් 09 වනදා සහ 10 වනදා උදෑසන අරතතුර වැලිකඩ බන්ධනාගරේ දී රැඳෙවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බව ගෝ්ටාබය රාජපක්ෂ  ප්‍රකාශ කර තිබේ. එහෙත් මෙම ඝාතන පිළිබඳව සෙවීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙහි සඳහන්ව ඇත්තේ හිටපු ආරක්ෂක ලේක්ම් ගෝටාබය රාජපක්ෂ මේ පිළිබඳව දැනුවත්ව සිට ඇති බවය. 

 සත්හඬ පුවත්පත විසින් මේ පිළිබඳව ගෝටාබය රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ වැලිකඩ රැඳවියන් ඝාතනය සම්බන්ධයෙන් තමන් නොදන්නා බවත් එදින බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් සමඟ මේ පිළිබඳව තමන් සාකච්ඡා නොකළ බවත් ත්‍රිපුද්ගල කමිටු වාර්තාව බොරුවක් බවත්ය. 

එහෙත් මෙම ඝාතන සෙවීම සඳහා වත්මන් රජය විසින් පත්කළ හිටපු මහාධිකරණ විනිසුරු නිමල් නම්බුවාසම්, නීතීඥ එස්.කේ. ලියනගේ සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක යන අයගෙන් සමන්විත කමිටුවේ වාර්තාවෙහි සඳහන්ව ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ පිළිබඳව දැනුවත්ව සිටි බවට සාක්ෂි ඇති බවත් ආරක්ෂක අංශ විසින් සිරකරුවන්ව තෝරාගෙන ඝාතනය කළ බවට සාක්ෂි ඇති බවත් ය. 

පසුගිය දා කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවේ යන්ත්‍රසූත පැරණි යකඩ වලට කපා විකිණීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කළ මොහොතේ ද ඔහු ප්‍රකාශ කර තිබුනේ තමන් ඒ පිළිබඳව නොදන්නා බවය. මේ අනුව බැඳුම්කර කොමිසම හමුවේදී රවී කරුණානායකට වැළදී තිබුණු "මං දන්නෑ" රෝගය ගෝටාබය රාජපක්ෂට ද දිගින් දිගට ම වැළඳෙන ආකාරයක් පෙනේ. 

- සත්හඬ ඇසුරෙනි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top