1150 x 80 px

ලලිත් - පැල්පිට අභියාචනාධිකරණයට යයි

 

විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක් වංචා කිරීම සම්බන්ධයෙන් සිරදඬුවමට නියම වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට මහාධිකරණය විසින් තමන්ට එරෙහිව ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔවුන්ගේ නීතිඥයන් විසින් මෙම අභියාචනය ගොනුකර තිබේ.

2015 ජනාධිපතිවරණය සමයේ විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 ක් වංචනික ලෙස ලබාගෙන මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් සිල් රෙදි බෙදා ඇති බවට ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වූ අතර කොළඹ මහාධිකරණය විසින් මෙම නඩුව විභාගයට ගැනිණි.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ඔවුන් දෙදෙනාට වසර තුන බැගින් සිර දඬුවම් නියම කළ අතර රුපියල් මිලිය 02 බැගින් දඩයක් ද නියම කෙරිණි. මීට අමතරව රුපියල් මිලියන 50 බැගින් විදුලි සන්දේශ නියමන කොමිෂන් සභවට ගෙවන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top