1150 x 80 px

ඔයාලට ඕනේ මාව අවුස්සන්නද? - හිටපු ජනාධිපති
සිල් රෙදි නඩුවේ වරදකරුවන් වූ හිටපු  ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග  හා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්ගේ සුවදුක් විමසීමට අද (11) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලට ගිය අතර එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් රාජපක්ෂ මහතාගෙන් එම සිද්ධිය පිළිබඳ  ප්‍රශ්න පිට ප්‍රශ්න කළේය. ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන මහත්වරුන් වරදකරුවන් නොවන අතර ඔවුන් ක්‍රියා කළේ තම නියෝගය අනුව බවයි රාජපක්ෂ මහතා සඳහන් කළේ. 
වැරැද්දක් සිදුව ඇත්නම් එය තමන් භාර ගන්නා නමුත් සිල් රෙදි බෙදා දීම වැරැද්දක් නොවන බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. මැතිවරණය ඉලක්ක කර ගනිමින් සිදු කළ දෙයක් බවට චෝදනා නැගුවද එය මැතිවරණය ඉලක්ක කරගනිමින් සිදු නොකළ බවත් ඊට මුදල් ප්‍රතිපාදන වෙන් කර පැවති බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
 
කෙසේ වෙතත් සිල් රෙදි සිද්ධිය පිළිබඳව මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළ අතර ඊට විරෝධය පළ කරමින් රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් මඟහැර එම ස්ථානයෙන් පිට විය.
 
ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top