1150 x 80 px

2020 දුම්කොළ තහනම් - සියලුම පැණි බීමවලට දඩ
2020 වසර වන විට දුම්කොළ වගාව සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට තීරණය කර ඇතැයි අද (11) කොළඹදී හෙද හෙදියන්ට නව පත්වීම් ප්‍රදානය කළ උත්සව සභාව අමතමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේය. දුම්කොළ වගාවේ යෙදී සිටින අයට වෙනත් වගාවන් වෙත යොමු වීමට අවශ්‍ය මුල්‍යාධාර ලබා දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඉදිරියේදී දුම්කොළ වැවීම තහනම් වීම හේතුවෙන් දුම්කොළ සමාගමද තීරණයක් ගතයුතු බව සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
මේ අතර පැණි බීම  වල අඩංගු සීනි ප්‍රතිශතය 6% කට වඩා වැඩි නම් වැඩිවන ග්‍රෑම් එකකට රුපියල බැගින් දඩ ගසන බවද අමාත්‍යවරයා කියා සිටියේය. ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිතභාවය වෙනුවෙන් ආණ්ඩුව එම තීරණ ගන්නා බවයි රාජිත සේනාරත්න මහතා පැවසුවේ. දැනටමත් ක්‍රියාත්මක ට්‍රැෆික් ලයිට් ක්‍රමය හේතුවෙන් ලොව ප්‍රධානම බහු ජාතික බීම සමාගමේ වෙළෙඳාම කඩා වැටුණ අතර 10%කින්  එම බීම වල පවතින සීනි ප්‍රමාණය අඩු කිරීමටද ඔවුන්ට සිදු වූ බව අමාත්‍යවරයා කියා සිටියේය. 
 
එම තීන්දු ක්‍රියාත්මක වීමට පෙර ලොව ප්‍රධානම බහු  ජාතික සමගම පවා කළ ඉල්ලීම් නොසලකා නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පසුබට නොවූ හෙයින් ඉදිරියේදීද මහජන සෞඛ්‍යාරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ආණ්ඩුව තීන්දු තීරණ ගන්නා බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
 
ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top