1150 x 80 px

"සිරකරුවෝ ද මනුෂ්‍යයෝය" අද වැලිකඩ ඉදිරිපිට දී

ජාත්‍යන්තර සිරකරු දිනය සැමරීම වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් සංවිධානය කෙරෙන "සිරකරුවෝ ද මනුෂ්‍යයෝය" වැඩසටහන අද (12) දහවල් 12.30ට වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී ආරම්භවේ. 

 

වීදි නාට්‍යය, සිරකරුවන්ගේ අයිතීන් සම්බන්ධයෙන් සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් විසින් අදහස් දැක්වීම් සහ සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරකින මෙන් රජයට බලකෙරෙන උද්ඝෝෂනයකින් ද මෙම වැඩසටහන සමන්විත වනු ඇත. 

එසේම සිරකරුවන්ගේ අයිතීන් සුරකින මෙන් ඉල්ලා රජයට භාර දෙන මහජන පෙත්සම අත්සන් තැබීම ද එම අවස්ථාවේදී සිදු කෙරෙනු ඇත.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top