1150 x 80 px

20 ට සබරමුවෙන් එකඟතාවය

 

20 වැනි සංශෝධනය පිළිබඳ යෝජනාව අද සබරමුව පළාත් සභාවට ඉදිරිපත් කළ අතර එම යෝජනාව වැඩි ඡන්ද 21 කින් සම්මත වී තිබේ.

 

යෝජනාවට පක්ෂව ඡන්ද 29 ක් ලැබුණු අතර විපක්ෂය ලැබුනේ ඡන්ද 8 ක් පමණි.

මේ වනවිට මෙම යෝජනාවට බස්නාහිර, උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් සභාවලින් එකඟතාවය හිමිව ඇති අතර ඌව සහ දකුණු පළාත් සභාවලදී එය පරාජයට පත්විය. උතුරු පළාත් සභාවට යෝජනාව ඉදිරිපත් කිරීමට පවා මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ල වූ අතර වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ තවදුරටත් නීති උපදෙස් ලබාගෙන යෝජනාව අධ්‍යයනය කළයුතු බවයි. මීට අමතරව මධ්‍යම පළාත් සභාවට ඉදිරියේදී 20 වන සංශෝධන යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top