1150 x 80 px

මේ වසරේ මැතිවරණ නෑ
මෙම වසර තුළදී කිසිදු මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මාධ්‍යවේදීන් පිරිසක් සමග අද  (12) පැවති සාකච්ඡාවකදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති නමුත් ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධන දිගින් දිගටම ප්‍රමාද වීම හේතුවෙන් මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවයි ඔහු පවසන්නේ.
 
දෙසැම්බර් මාසයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබෙන බව ආණ්ඩුවේ පාර්ශ්වයන් ප්‍රකාශ කළද ඒ පිළිබඳ අවසන් තීරණය ගත යුත්තේ මැතිවරණ කොමිසමයි. ඒකාබද්ධ විපක්ෂය මෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඇතුළු විවිධ සංවිධාන විසින් පළාත් පාලන මැතිවරණය වහාම පැවැත්විය යුතු බවට බලකර සිටී.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top