1150 x 80 px

ඇමති අමරවීර ධීවර වරායන් සියල්ල විකිණීමේ සැලසුමක!

ධීවර වරායන් සියල්ලම විකුණා දැමීම සඳහා විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. 2016 ඔක්තෝම්බර් 12 වැනිදා එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති අතර ඊට ජනාධිපතිවරයාගේ හා හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතාගේ නිරීක්ෂණ ඉදිරිපත් කර ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ. එම නිරීක්ෂණ මඟින් අමරවීර ඇමතිවරයාගේ උත්සාහය වළක්වා නොමැති බවයි හේරත් මහතා පෙන්වා දෙන්නේ.

 මේ වන විට ධීවර වරාය නීතිගත සංස්ථාවේ මුලස්ථානය ඇතුළු වරායන් 11ක් තක්සේරු කර ඇති අතර වරායන්ට අමතරව නැංගුරම් පොලවල්ද බදු දීමට සුදානම් වන බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ. මෙම තීරණ හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාවට,ධීවරයන්ගේ ජන ජීවිතයට හා ධිවර කර්මාන්තයට මාරු පහරක් එල්ල වන බව හෙතෙම කියා සිටියි. එමඟින් මත්ද්‍රව්‍ය ජාවාරම තවදුරටත් ව්‍යාප්ත විය හැකි බවද විජිත හේරත් මහතා වැඩිදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ  



Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top