1150 x 80 px

ලලිත් ජයසිංහට ඇප
සිවලෝගනාදන් විද්‍යා ඝාතනයේ සැකකරුවන්ට පලායාමට සහාය දැක්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ඇපමත නිදහස් කිරීමට කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. අදාල චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
රුපියල් ලක්ෂ 03 ක ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප හතරක් මත නියෝජ්‍ය පොලිස්පතිවරයා නිදහස් කිරීමට කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.එම්.එම්. රියාස් මහතා නියෝග කළේය. ලලිත් ජයසිංහ මහතාට විදෙස්ගතවීම තහනම් කළ මහේස්ත්‍රාත්වරයා සෑම මසකම පළමු සඳුදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටින ලෙස ද නියෝග කර තිබේ.
 
2015 වසරේදී සිදු වූ විද්‍යා ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් පොලිස් අත්අඩංගුවෙන් මුදවාගෙන ඔහුව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට චෝදනා එල්ල විය.
 
මෙම නඩුව දෙසැම්බර් 05 වැනිදා දක්වා කල් තබා තිබේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top