1150 x 80 px

අධිවේගී මාර්ග විකුණනවාට ඇමති ඩිලාන් විරුද්ධ වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය කිසියම් රාජ්‍ය දේපලක් හෝ ආයතනයක් පෞද්ගලීකරණයට විරුද්ධ බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින්  පවසයි. රාජ්‍ය අමත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ පසුගිය දිනවල මාර්ග සංවර්ධන අධිකාරියට අයත් අධිවේගී මාර්ග චීන  සමාගමකට බදු දීමේ සුදානමක් පවතින බවට පළ වූ මාධ්‍ය වාර්තා පදනම් කරගනිමිනි. 
අධිවේගී මාර්ග පෞද්ගලිකරණය කිරීම ගැන තමන් සත්‍ය තොරතුරු නොදන්නා බවත් එවැනි තීරණයක් ඇත්නම් එහි සත්‍ය තොරතුරු ලබා දෙන ලෙසයි ඩිලාන් පෙරේරා මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ. 
 
කෙසේ වෙතත් උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර තිබුණේ අධිවේගී මාර්ග බදු දීමේ අවශ්‍යතාවක් පවතින බවයි.
 
dilan 1

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top