1150 x 80 px

මහින්දවත්  දැන්  උසාවි ගේන්න පුළුවන් - රාජිත සේනාරත්න
පසුගිය ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විහාරස්‌ථානවලදී සිල් රෙදි බෙදා දීමේ සිද්ධිය පිළිබඳ වගකීම හිටපු ජනාධිපතිවරයා භාර ගෙන ඇති හෙයින් දැන් ඔහුට එරෙහිව නඩු පැවරිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (13) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය. ඒ අනුව ඕනෑම කෙනෙකුට දැන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණය හමුවට යා හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
දින 24ක් පුරා එම නඩුව විභාග වූ අතර එහි වගකීම භාර ගතයුතුව තිබුණේ අධිකරණය හමුවේ බවත් ඔහුගේ නියෝගයට වැරදිකරුවන් තීන්දු වූ පසු එම වගකීම භාර ගැනීම මහින්ද රාජපක්ෂ  ස්වරූපය පෙන්නුම් කරන්නක් බව සේනාරත්න මහතා පෙන්වා දුන්නේය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අමතරව අධිකරණ තීන්දුවක් අභියෝගයට ලක් කිරීමේ කාරණය හමුවේද රාජපක්ෂ මහතාට එරෙහිව අධිකරණය හමුවට යා හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
 
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද මේ පිළිබඳව අදහස් දැක්වීය. අමාත්‍යවරයා පැවසුවේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය තුළ සිල් රෙදි බෙදා දීමේ කටයුත්තට තමන් සහය නොදැක්වූ බවයි. 
 
ආශිකා බ්‍රාහ්මණ 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top