1150 x 80 px

ව්‍යාජ තොරතුරු වලට නොරැවටෙන්න - සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පුරප්පාඩු ලේඛණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින් දැක්වේ. 

 

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය නිකුත් කළ විශේෂ නිවේදනයයි.

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පුරප්පාඩු ලේඛණය සම්බන්ධයෙන් වෛද්‍ය නිලධාරී සංගමය සිය සංගමයේ ශිර්ෂ ගත ලිපියකින් හෝ නිලධාරියෙකුගේ අත්සනින් යුතුව නිල වශයෙන් කිසිදු යෝජනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දී නොමැත. එසේ ලබා දී ඇත්නම් බාරදුන් බවට තම සංගමයේ ශිර්ෂය සහිත හෝ අත්සන සහිතව සිය යෝජනා ඇතුලත් ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කිසිදු මාරු මණ්ඩලයක් අමාත්‍යාංශයේ රැස් නොවෙයි. සෞඛ්‍ය ලේකම්වරයා ලිඛිත යෝජනා ඉල්ලා තිබේ නම් එම යෝජනා සෞඛ්‍ය ලේකම් වෙත ලබාදීම ඔවුන්ගේ වගකීමකි. වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා හෝ ඔහුගේ කාර්ය මණ්ඩලය සමගින් ලැයිස්තු සකස් කිරීමට වෛද්‍ය සංගමයට බාරදී නොමැත. නව පත්වීම් ලබාදීම මාරු මණ්ඩලය සතු කාර්යයක් නොව අමාත්‍යාංශය සතු කාර්යයකි. මන්ද යත් එම පත්වීම් ලබාදෙන්නේ ලකුණු මට්ටම මත පමණක් බැවිනි. මාරු මණ්ඩලය පවත්වනුයේ වාර්ෂික ස්ථාන මාරු සදහා පමණි. 

කිසිදු අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරී වෛද්‍ය උපුල් ගුණසේකර මහතා මෙම ලේඛණය සම්බන්ධයෙන් අමාත්‍යාංශ නිලධාරීන්ට බලපෑම් කර නොමැත. එසේ බලපෑම් කිරීමේ හැකියාවක් ද ඔහුට නොමැත. අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා යනු පත්වීම් ලබාදීමේ ප්‍රධාන ක්‍රියාවලියේ වගකීමක් දරන සෞඛ්‍ය ලේකම් යටතේ සේවය කරන රාජ්‍ය නිලධාරියෙකි. තවද වෛද්‍ය සංගමයේ ලිඛිත නිල යෝජනා සෞඛ්‍ය ලේකම්තුමන් වෙත නොලැබුන  බව සෞඛ්‍ය ලේකම්ගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිල නිවේදනයකි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙහි ප්‍රකාශයට පත්කර ඇති රාජ්‍ය සේවා කොමිසන් සභාව විසින් අනුමත කරනු ලැබූ පශ්චාත් සීමාවාසික වෛද්‍ය පුරප්පාඩු ලේඛණය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ගේ නියෝගය පරිදි නැවැත වරක් සක්‍රීය කර ඇති අතර, ව්‍යාජ තොරතුරු වලට නොරැවටී අයදුම් කරන ලෙස සියලුම සුදුසුකම් ලත් වෛද්‍ය නිලධාරීන් හට දන්වා සිටියි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top