1150 x 80 px

ASPගෙන් පහර කෑ තරුණයා මාතර රෝහලට

පෙරේදා (06) හම්බන්තොට පැවති විරෝධතාවයෙන් පසු පොලිස් අත් අඩංගුවේ පසුවෙද්දී පහර කෑමට ලක් වූ තරුණයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. 

 

හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී තුශාර දළුවත්ත විසින් කළ පහරදීමෙන් මෙම තරුණයාගේ කණෙහි අභ්‍යන්තර ලේ වහනයක් සිදුව ඇති බව පැවසේ. 

විරෝධතාවයෙන් පසුව අත් අඩංගුවට පත් පිරිස සමඟම මෙම තුවාලලත් තරුණයාද පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි. පසුව ඔහුව තංගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර අද දහවල් වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරු කර යවා තිබේ. 

මෙම පහර දීම සම්බන්ධයෙන් නොයෙක් විමර්ශන සිදු කෙරෙන බව කීව ද පහර දුන් සහකාර පොලිස් අධිකාරීවරයාට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව ද වාර්තා වේ. 

ඡායාරූප - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි, හම්බන්තොට

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top