1150 x 80 px

එජාප සභාපති සහ ලේකම් බැඳුම්කර කොමිසම හමුවට

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු මලික් සමරවික්‍රම සහ එක්සත් ජාතික පක්ෂයේ ලේකම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන අමාත්‍යරුන් අද (11) උදෑසන භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සම විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිශන් සභාව වෙත පැමිණ ඇත. 

 

කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට නොතීසි නිකුත් කොට තිබුණු අතර ඒ අනුව අද උදෑසන සාක්ෂි ලබා දීම සඳහා ඔවුන් එහි පැමිණ තිබේ. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝශියස්, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, හිටපු මුදල් ඇමති රවී කරුණානායක, මහ බැංකු නිලධාරීන්, රාජ්‍ය බැංකු ප්‍රධානීන් ඇතුළු පාර්ශ්ව ගණනකින් මේ වන විට කොමිසම ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත. 

බැඳුම්කර පිළිබඳ විමර්ශන ජනාධිපති කොමිසමෙහි නිල කාලය ලබන 27 වනදායින් අවසන් වීමට නියමිතව තිබේ.

කෙසේවෙතත්, මලික් සමරවික්‍රම සහ බැඳුම්කර කොමිසම හමුවට කැඳවෙනු ඇති බවට සහ බැඳුම්කර මගඩියේ අභ්‍යන්තර කරුණු පිළිබඳ ලංකා නිව්ස් වෙබ් අප අනාවරණය කළේ මීට මාස 2කට පමණ පෙරය. අදාල පුවත පහතින් දැක්වේ.

මලික් සමරවික්‍රම බැඳුම්කර කොමිසම හමුවට

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top