1150 x 80 px

සුදර්ශන ගුණවර්ධන වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තනතුරට

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙහි සභාපති  සුදර්ශන ගුණවර්ධන මහතා පත් කර තිබේ. 

 

සුදර්ශන ගුණවර්ධන මහතාගේ පත්වීම ඊයේ (10) අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබිණි. 

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ රංග කලන්සූරිය මහතාගේ ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ තනතුරෙහි වැඩ බැලීමට මෙසේ සුදර්ශන ගුණවර්ධන මහතාව පත් කර ඇත. 

මේ පිළිබඳව පසුගිය 4 වනදා ලංකා නිව්ස් වෙබ් පළ කළ පුවත පහතින් දැක්වේ.

සුදර්ශන ගුණවර්ධන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තනතුරට?

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top