1150 x 80 px

උතුරේ ඉඩම් 62%ක් නිදහස් කර අවසන් - රාජිත සේනාරත්න
උතුරු නැගෙනහිර නැවත පදිංචි කිරීමේ කටයුතු වලට අදාළව 62%ක ඉඩම් ජනතාවට නිදහස් කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (11) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය. ඉතිරි ප්‍රමාණය ලබා දීම සඳහා දැනටමත් ආරක්ෂක අංශ සමඟ සාකච්ජා කරමින් පවතින අතර  ඇතැම් ප්‍රදේශ සඳහා විකල්ප ඉඩම් ලබා දීමට සිදු වන හෙයින් ඒ පිළිබඳවද සාකච්ජා කෙරෙමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 
කෙසේ වෙතත් රාජ්‍ය නොවන සංවිධාන ද ප්‍රකාශ කරන පරිදි  රජය සැලකිය යුතු ඉඩම් ප්‍රමාණයක් නිදහස් කර ඇති බව සේනාරත්න මහතා කියා සිටියේය. මේ පිළිබඳව  යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ ඉදිරි වසර දෙකක කාලය තුල මෙම ඉඩම් ගැටලුව විසඳිය හැකි බවයි. පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ විශ්ලේෂණයක් කරමින් එම ඉඩම් නිදහස් කරන බවත් නිදහස් කළ ඉඩම් ජනතාවට ලබා දීමට කටයුතු සැලසුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේ.
 
මේ අතර දේශපාලන සිරකරුවන් පිළිබඳ මතුව ඇති ප්‍රශ්නකාරී තත්ත්වය පිළිබඳවද රාජිත සේනාරත්න මහතා අදහස් පළකළේය. අමාත්‍යවරයා පැවසුවේ අධිකරණ ක්‍රියාමාර්ග නොමැති සියලු දෙනා නිදහස් කළ යුතු බවයි. 
 
ආශිකා බ්‍රාහ්මණ 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top