1150 x 80 px

පෙර දැනුම්දීමකින් තොරව දුම්රිය රියදුරන් හා නියාමකවරුන් වැඩවර්ජනයේ !
පූර්ව දැනුම් දීමකින් තොරව දුම්රිය රියදුරන් හා නියාමකවරුන් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. දුම්රිය රියදුරු සහායකයන් බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ගැටළු මුල් කරගනිමින් එම වැඩවර්ජනය ආරම්භ කර ඇති බව ලෙකොමොටිව් ඔපරේටර්ස් ඉන්ජිනියර්ස් රියදුරු සංගමය පවසයි. මෙම හදිසි වැඩවර්ජනය නිසා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන සියලු දුම්රිය අවලංගු කිරීම හේතුවෙන් සන්ධ්‍යාවේ සිට මගින් විශාල අපහසුතාවකට පත් විය. මේ හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හට ගෙන තිබේ. පිරිස පාලනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් කැඳවීමටද සිදුව තිබේ. 
වැඩවර්ජනයට හේතු වී ඇති කාරණා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය උපදේශක ජිනසිරි දඩල්ලගේ මහතා සමඟ සාකච්ජා කර ඇතත් එම සාකච්ජා අසාර්ථක වී ඇති බව සඳහන්. මෙතෙක් වැඩවර්ජනය අවසන් කිරීම සම්බන්ධයෙන් දුම්රිය රියදුරන් හා නියාමකවරුන් එකඟතාවකට පැමිණ නොමැති හෙයින්අතර හෙට දිනයේද දුම්රිය ධාවනය නොවන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ.
 
සිය ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව වැඩවර්ජනය පවත්වාගෙන යන බවයි දුම්රිය රියදුරු සංගමය වැඩිදුරටත් පවසන්නේ.
 
ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top