1150 x 80 px

කථානායකවරයා ප්‍රාදේශීය, මහ නගර, නගර සභා සංශෝධන පනතට අත්සන් තබයි!

පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ පලාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රාදේශීය සභා සංශෝධන, නගර සභා සංශෝධන, මහ නගර සභා සංශෝධන යන පනත් ත්‍රිත්වයට කථානායක කරු ජයසූරිය මහතා අද (12) උදෑසන පාර්ලිමේන්තුවේදී අත්සන තබා ඇති බව කථානායක කාර්යාලය දැනුම් දෙයි. ඒ අනුව අද සිට එම පනත් සංශෝධන බල ගැන්වේ.

 

මෙම අවස්ථාවට පලාත් පාලන විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක යන මහත්වරු ද එක් වූහ.

සංශෝධිත පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධිත පනතට 2017 සැප්තැම්බර් 22 කථානායක කරු ජයසූරිය මහතා ස්වකීය අත්සන සටහන් කලේය.

 

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top