1150 x 80 px

දුම්රිය වර්ජකයින්ට ජනතාවගෙන් උපහාරයක්

ඊයේ (11) රාත්‍රියේ හදිසියේ ම ආරම්භ කෙරුණු දුම්රිය සේවක වර්ජනය හේතුවෙන් දහස් ගණනක් මගී ජනතාව පීඩාවට පත්වූහ. තම වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීම සඳහා වැඩ වර්ජනය කිරීමේ අයිතිය වෘත්තිකයින්ට ඇති බව සැබෑවකි. එහෙත් එය ක්‍රියාවට නැඟීමේදී හැකිතාක් මහජනතාවට අවම පීඩාවක් වන අයුරින් ක්‍රියා කිරීමට ඔවුන් ද දැනුවත් විය යුතුය. මන්දයත් ඔවුන්ට විසඳාගත යුතු ගැටළු ඇත්තේ පාලනාධිකාරිය සමඟ මිස ජනතාව සමඟ නොවන නිසාය. 

 

එහෙත් ජනතාව ගැන තුට්ටුවකට මායිම් නොකොට 'මස් රාත්තලම ඉල්ලන' පන්නයෙන් හදිසි වැඩ වර්ජන ක්‍රියාත්මක කළ විට අවසානයේ සිදුවන්නේ ජනතාව ද නීතිය අතට ගැනීමට නිරායාසයෙන් පෙළඹීමයි. පහත රූපරාමු වලින් දිස් වන්නේ ඊයේ රාත්‍රියේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙහි අතරමං වූ මගීන් පිරිසක් විසින් දුම්රිය ගාඩ් වරයකුට පහරදීමට තැත් කළ අවස්ථාවකි. අවසානයේ ඔහුව බේරාගැනීමට ඉදිරිපත් වූයේ පොලීසියයි. 

ප්‍රවාහන, සෞඛ්‍ය, අධ්‍යාපන වැනි සියළුම සේවාවන් පවත්වාගෙන යන්නේ හුදෙක් ඔවුන්ට රැකියා සැපයීම උදෙසා පමණක් නොවේ. ඒවායේ මූලික අරමුණ ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීමයි. එහෙයින් වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමේදී වැඩවර්ජනය යන්න විහිළුවකට නොගෙන, ඊට මෙහායින් ඇති සියළුම පියවර හරහා තම ගැටළු විසඳා ගැනීමට උපරිම උත්සාහ කරන්නේ නම් එය වෘත්තිකයින්ගේ වෘත්තීය ගෞරවයට මෙන් ම කාගේත් යහපත පිණිස වඩා ගුණදායක වනු ඇත.

- ලංකා නිව්ස් වෙබ් මාණ්ඩලික ඡායාරූපශිල්පී ධනංජය සෙනවිරත්න 

rail 01

rail 02

rail 03

rail 04

rail 05

rail 06

rail 07

rail 08

rail 09

rail 10

rail 11

rail 12

rail 13

rail 14

rail 15

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top