1150 x 80 px

රජය සතු කොටස් අන්සතු කිරීමට බලය දුන්නේ කවුද ? - වසන්ත සමරසිංහ

සීමාසහිත ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගම සතුව තිබූ LTL ප්‍රොජෙක්ට් සමාගම පෞද්ගලික අංශයට පවරා ඇත්තේ කාගේ අවශ්‍යතාවය මත ද යන්න පිළිබඳව දූෂණ විරෝධී හඬ සංවිධානය ප්‍රශ්න කරයි. මේ සම්බන්ධයෙන් කරුණු විමසීමේදී ඒ සඳහා මහා භාණ්ඩාගාරය හෝ විදුලිබල අමාත්‍යංශය අවසර ලබා දී නොමැති බව හෙළි වූ බව ද එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

 

දූෂණ විරෝධී හඬ සංවිධානය මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණය කරයි.

1998 දී පිහිටුවන ලද මෙම සමාගම 100% ක් ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගමේ කොටස් යොදවා පිහිටුවා ඇති අතර 2005 වසරේදී හෝ ඒ ආසන්න කාලයකදී එම සමාගම වෙනත් සමාගමකට පවරා ඇති බවයි වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන කරුණු පැහිදිලි කළයුතු බවත් මහජනතාව සතු දේපළ වංචනික ලෙස වෙනත් පාර්ශ්වවලට පැවරීමට එරෙහිව විරෝධය පළකරන බවත් දූෂණ විරෝධී හඬ සංවිධානය පවසයි.

සංජීව මලවිආරච්චි

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top