1150 x 80 px

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 04 ක් ආනයනය කරයි
රටේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස ලබන සතියේදී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 04 ක් ආනයනය කරන බව කර්මාන්ත හා වාණිජ්‍ය අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා පවසයි. අද (13) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඇමතිවරයා මේ බව අනාවරණය කළේය.
අමාත්‍යවරයා පවසන්නේ අයහපත් කාලගුණය සහ නියං කාලගුණය හේතුවෙන් සහල් නිෂ්පාදනය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇති බවයි. ඒ අනුව සහල් නිෂ්පාදනය 50% කින් අඩු වී ඇති අතර එයට ඇති එකම විකල්පය සහල් ආනයනය බවයි ඔහු පවසන්නේ.
 
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 05 ක් ආනයන කිරීමට රජය තීරණය කර ඇති අතර ඉන් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කර සතොස අලෙවි සැල් හරහා නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. ඉතිරි ප්‍රමාණය ආනයන කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට නියමිත බවයි අමාත්‍යවරයා පවසන්නේ.
 
මේ අතර වැඩි මිලට සහල් විකිණීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබී ඇති අතර එම පැමිණිලි සලකා බලා නැවත සහල් සඳහා පාලන මිලක් ගැසට් කිරීමට කටයුතු කරන බව ද බදුර්දීන් ඇමතිවරයා පවසයි. මෙම මාසය අවසන් වනතෙක් වෙළඳුන්ට කල් ලබාදෙන බවත් තවදුරටත් පැමිණිලි ලැබුනහොත් උපරිම මිලක් ප්‍රකාශයට පත්කරන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top