1150 x 80 px

ලිට්රෝ සමාගමේ සභාපති තනතුරට නිශ්ශංක නානායක්කාර
රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශය විසින් ශලීල මුණසිංහගේ සභාපතිධූරය අත්හිටුවීමෙන් පසු පුරප්පාඩු වූ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිධූරය සඳහා ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතාව, විෂයභාර අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් පත්කර ඇති අතර ඒ සඳහා වූ පත්වීමේ ලිපිය අමාත්‍යවරයා විසින් නිශ්ශංක නානායක්කාර මහතාට අද (13) භාරදී ඇති බව සඳහන්.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු හා එම පක්ෂයේ නීතිඥ සංගමයේ ලේකම්වරයා ද වන නිශ්ශංක නානායක්කාර මහතා යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මහජන බැංකුවේ සභපතිධූරයට මෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිධූරට ද පත් කෙරිණි. කෙසේ වෙතත් එම තනතුරු දරමින් සිටින පුද්ගලයන් ඉවත් නොවීම හේතුවෙන් එම කිසිදු තනතුරක් භාරගැනීමට නිශ්ශංක නානායක්කාර මහතාට නොහැකි විය.
 
ඒ මහතා පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේදී එජාපයට සම්බන්ධ නඩු වෙනුවෙන් පෙනී සිටිමින් පක්ෂය වෙනුවෙන් විශාල නීතිමය සහායක් ලබා දුන් අයෙකු ලෙස සැලකේ.
 
නව සභාපතිවරයා ලබන සතියේදී තනතුරේ වැඩ භාරගැනීමට නියමිත බවද වාර්තා වේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top