1150 x 80 px

මරණ තර්ජන හේතුවෙන් අනිකා රටින් පිටවෙයි

බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දුන් අනිකා විජේසුන්දරට හිටපු අමාත්‍යවරයකුගේ සමීපතමයකු විසින් මරණ තර්ජන එල්ල කර ඇති බව අද (17) බැඳුම්කර කොමිසම හමුවේදී නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. 

 

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු හා සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝශියස් විසින් කුලියට ගත් මහල් නිවසක් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ පදිංචිය සඳහා ලබා දී තිබුණු වග කොමිසම හමුවේ හෙළිදරව් කරන ලද්දේ අනිකා විජේසූරිය විසිනි. 

ඇයට එල්ල වී ඇති මරණ තර්ජන හමුවේ ඇය රටින් පිටව ගොස් ඇති බව ද නීතිපති දෙපාර්තමේන්තුව විසින් බැඳුම්කර කොමිසමට දැනුම් දී තිබේ. 

මේ අතර අර්ජුන් ඇලෝශියස්ගේ පෞද්ගලික ලේකම්වරයා වන ස්ටීව් සැමුවෙල්, අද දින බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීමට කැඳවා ඇත.

 

RN

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top