1150 x 80 px

සඳුදා සිට සවසට වැසි වැඩිවේ !

ඔක්තෝබර් 23 දින සිට දිවයිනේ බොහෝ පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ක්‍රමයෙන් වැඩිවේ යැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

 

දිවයින හරහා හමන තරමක් තද සුළං අද දිනයේදී ද අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු, වයඹ සහ දකුණු පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වන බව ද ඇතැම් ස්ථාන වල මිලිමීටර් 50ක පමණ තරමක් තද වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයෙන් දැක්වේ. ඌව පළාතේ සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයෙහි සඳහන් ය. 

- රංජිත් නිශාන්ත

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top