1150 x 80 px

මොන බාධා ආවත් ව්‍යවස්ථාව ගේනවා - ඩිලාන්

කුමන බාධා පැමිණියද නව ව්‍යවස්ථාව අනිවාර්යයෙන් ම ගෙන එන බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි. 

 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි. 

එසේම ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව කටයුතු කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තවමත් හැකියාව පවතින බව ද ඒ මහතා සඳහන් කළේය. ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට නොවැම්බර් පළමු සතිය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ආරාධනා කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. 

මේ අතර කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් ප්‍රකාශ කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තීරණ ගන්නේ සියලු පාර්ශ්ව වල එකඟතාව මත පමණක් බවයි. 

- රංජිත් නිශාන්ත

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top